සයිටම් පෞද්ගලික අධ්‍යාපන ආයතනය පිළිබඳ උද්ගත වූ ගැටලුව විසඳීමට එවන් ගැටලුවකදී මේ රටේ කිසිදු රාජ්‍ය නායකයෙකු සිදු නොකළ මැදිහත්වීමක් සහ කැපවීමක් තමන් සිදු කළේ අධ්‍යාපනයේදී රටේ කිසිදු දරුවෙකුට අසාධාරණයක් වීමට ඉඩ නොතැබීමට බව ජනාධිපතිතුමා පවසයි.
ජ්‍යේෂ්ඨ පරිපාලන නිලධාරියෙකු වන උදය ආර්. සෙනෙවිරත්න මහතා නව ජනාධිපති ලේකම්වරයා වශයෙන් පත්කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය ජාලයන් ජනතාව අතර විශාල ලෙස ව්‍යාප්ත වීමත් සමඟ ජනමාධ්‍ය කලාව අභියෝගයට මුහුණ පා ඇති අතර එහි වගකීමද එදාට වඩා අද වනවිට වැඩි වී ඇති බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
මාධ්‍යවේදින් විසින් සිදු කරනු ලබන මෙහෙවර සහ ඔවුන්ගේ ගුණාත්මක දායකත්වය ඇගැයිම ස ඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රථම වරට පැවැත්වීමට යන ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙලේ දී විශිෂ්ට මාධ්‍යවේදීන් 54 දෙනෙකුට සම්මාන පිරිනැමෙන බව මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවිර මහතා පවසයි.