මවුබිම වෙනුවෙන් යුතුකම් ඉටුකරන වීරෝධාර රණවිරුවන්ට රජයක් ලෙස ලබාදිය හැකි සියලු පහසුකම් ලබාදෙන බව ජනාධිපතිතුමා පවසයි.
නීතීඥ එච්.එම්. අබයරත්න මහතා ජාතික ළමා අරක්ෂක අධිකාරියේ නව සභාපති ලෙස අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් පත්කර තිබේ. ඒ ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ 8වන සභාපති ලෙසය.
අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවයක් අප්‍රේල් මස (10) දින සිට මඟී ජනතාවගේ පහසුව සඳහා ක්‍රියාත්මක කිරීමට දුම් රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
ශ්‍රී ලංකා ඉතිහාසයේ වාර්තාගත වැඩිම ඍජු විදේශ ආයෝජන ප්‍රමාණය 2017 වසර තුළ ලබාගෙන ඇත. 2017 වසර තුළ ශ්‍රී ලංකාවට ලැබී ඇති ඍජු විදේශ ආයෝජන ප්‍රමාණය ඇ.ඩො බිලියන 1.9ක් හෙවත් රුපියල් බිලියන 290ක් පමණ වේ. මෙය 2016ට වඩා සිව් ගුණයක වර්ධනයකි. මීට පෙර වැඩිම ඍජු විදේශ ආයෝජන ප්‍රමාණයක් වාර්තා වී තිබුණේ 2014 වසරේ දීය. එය ඇ.ඩො. බිලියන 1.7කි.