2017 වසරේ ධීවර කටයුතු සඳහා මුහුදු ගොස් අයහපත් කාලගුණික තත්ත්වයන් මෙන්ම වෙනත් හදිසි අනතුරු තත්ත්වයන් නිසා මරණයට පත් වු ධීවරයින්ගේ පවුල් 07ක සාමාජිකයින් 24 දෙනෙක් සඳහා රුපියල් ලක්ෂ 70ක වන්දි මුදල් ලබා දීම (28)දින ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ දී සිදු කැරිණි.
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ මතුවී ඇති අභියෝග සහ යෝජිත ක්‍රියාමාර්ග පිළිබද සාකච්ඡාවක් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (29) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
සබරගමු පළාතේ සංවර්ධන කටයුතු වෙනම අමාත්‍යාංශයක් යටතට පත්වීම කාලෝචිත පියවරක් බව කම්කරු,වෘත්තීය සමිති සබඳතා හා සබරගමුව සංවර්ධන අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න මහතා පැවසීය.
ගෙවී ගිය වසර කිහිපය තුළ ශ්‍රි ලංකාව හා බංගලිදේශය අතර වෙළෙඳ සහයෝගීතාවය විධිමත්ව වර්ධනය වූ බවත්, ඒ යටතේ දෙරටේ ආරක්‍ෂක, අධ්‍යාපන, ක්‍රීඩා, සංස්කෘතික, ආයෝජන හා වෙළෙඳ ක්‍ෂේත්‍රයේ සහයෝගීතාවය වැඩි වී ඇති බවත්, මේ හේතුවෙන් පස් අවුරුදු කාලය තුළ දෙරටේ වෙළෙඳ ගණුදෙනු සියයට 55% කින් වර්ධනය වී තිබෙන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.