ඡන්දය දීම සඳහා යනවිට ජාතික හැඳුනුම්පත හෝ මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ නැතහොත් තාවකාලික හැඳුනුම්පත හෝ වලංගු රියදුරු බලපත්‍රය, වැඩිහිටි හැඳුනුම්පත, රාජ්‍ය සේවා විශ්‍රාමික හැඳුනුම්පත, පූජ්‍ය/ජූජක උතුමන්ගේ හැඳුනුම්පත යන හැඳුනුම්පත් අතුරින් එකක් රැගෙන යාම අත්‍යවශ්‍ය බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අවධාරණය කරයි.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම වෙනුවෙන් අද දින (10) දිවයින පුරා උපරිම ආරක්ෂාවක් යොදවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි, නීතිඥ රුවන් ගුණසේකර මහතා පවසයි.
2018 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදළාව ඡන්දය දීමේ දී තම අනන්‍යතාවය තහවුරු කිරීම අනිවාර්යය බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
අද (10) පැවැත්වෙන 2018 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම වෙනුවෙන් දිවයින පුරා උපරිම ආරක්ෂාවක් යොදවා ඇතැය ද ඡන්ද මධ්‍යස්ථාන වෙත පුද්ගලයින් බීමතින් පැමිණිය හොත් හෝ කළහකාරී ලෙස හැසිරුණහොත් ඔවුන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක,පොලිස් අධිකාරි, නීතිඥ රුවන් ගුණසේකර මහතා පවසයි.