රටක් ලෙස පුරවැසියා ශක්තිමත් කර තිබෙනවා. අල්ලස් හෝ දූෂණ නව පනත සම්මත කරගැනීම ජාතික ප්‍රමුඛතාවයක් ඇති කරුණක් ලෙස කටයුතු කළ යුතු යැයි විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා පවසයි.
අතිගරු ජනාධිපතිතුමා ගමේ ජනතාව වෙනුවෙන් ජාතික වැඩසටහන් රැසකට දායකත්වය ලබාදී ඇති බවත් ජනාධිපතිතුමා බලලෝභී නායකයකු නොවන බවත් වරාය නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි.
යහපාලන රජය සියලු කොමිෂන් සභාවලට ස්වාධීනත්වය ලබාදී ඇති බවත් ව්‍යවස්ථාවට සහයෝගය ලබාදී ශක්තිමත් සමෘද්ධිමත් රටකට අත්තිවාරම දැමීමට එකතුවන්නැයි උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය, සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
පළාත් පාලන මතිවරණය කල්දැමීමේ නඩුවට තමන් කිසි ලෙසක අත්සනක් දමා නැතැයි ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද ඊට කිසිදු සම්බන්ධයක් නොමැති බවද ක්‍රීඩා අමාත්‍ය දයසිරි ජයසේකර මහතා අද (17) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කරමින් පැවසී ය.