මෙත්සවිය නිර්මාතෘ සහ සභාපති මහාචාර්ය චන්දන ජයරත්න මහතාගේ ආදරණීය මෑණියන් වූ විශ‍්‍රාමලත් විදුහල්පතිනි අභාවප‍්‍රාප්ත ඞී.ඒ. ජයරත්න මහත්මියගේ දේහයට ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අවසන් ගෞරව දැක්වීය.
ජාතික ආරක්ෂාව දුර්වල වන ආකාරයට හෝ ආරක්ෂක හමුදාවන්ට බලපෑමක් එල්ලවන ආකාරයට හමුදා කඳවුරු ඉවත් කිරීමක් සිදු කර නොමැති බව ජනාධිපතිතුමා පවසයි.
චීන නාවික හමුදා කාර්යය අණදෙන නිලධාරී හා ඩාලියන් නාවික විද්‍යාපීඨ අධ්‍යක්ෂක, රියර් අද්මිරාල් යැන් සෙන්ග්මින් මහතා සහ සුහද සංචාරයක් සඳහා ඊයේ (11) කොළඹ වරායට සේන්දු වූ චීන නාවික හමුදාවට අයත් කී ජි ගුආන්ග් නෞකාවේ අණදෙන නිලධාරී, කපිතාන් යේ කයින්හා යන මහත්වරුන්, කොළඹ, නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවිය.
සාධනීය ආකාරයේ වෙනසක් අධිකරණ පද්ධතියේ සිදු කිරීමට කටයුතු කරනවා. යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය සදහා අවශ්‍ය සියලු පහසුකම් ලබාදීමට මේ වන විටත් පියවර ගෙන තිබෙනවා යැයි අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පවසයි.