ඉඩම් අමාත්‍යවරයා ලෙස අභිනවයෙන් පත්වූ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා තම පත්වීම භාර ගැනීමෙන් පසු ඉඩම් අමාත්‍යංශය යටතේ පවතින සියලුම දෙපාර්තමේන්තු හා ආයතන ප්‍රධානීන් කැඳවා විශේෂ රැස්වීමක් බත්තරමුල්ල ඉඩම් අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක කිරීමට නියමිත තුන් මාසික ඩෙංගු මදුරු මර්දන ජාතික වැඩසටහන අද (01) සිට ආරම්භ කෙරේ.
පසුගිය දිනවල දිවයිනේ දිස්ත්‍රික් කිහිපයක ඇති වූ ගංවතුර හා නාය යෑම් වලින් විපතට පත් වූ ජනතාවට සහන සැලසීම සඳහා දේශීය මෙන් ම විදේශීය පරිත්‍යාගශීලීන් ද ඉදිරිපත් වෙමින් සිටින බව මුදල් අමාත්‍යාංශය පවසයි.
ප්‍රවීන සිනමා විචාරයකු, සහිත්‍යධරයකු මෙන්ම පුවත්පත් මාධ්‍යවේදියෙකු වූ අභවප්‍රාප්ත සුනිල් මිහිදුකුල මහතා වෙනුවෙන් අවසන් ගෞරව දැක්වීම හිටපු ජනමාධ්‍ය අමාත්‍ය, වත්මන් ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් ඊයේ (31) සිදු කළේ ය.