ඉරණතිව් දූපත ආශ්‍රිතව ධීවර කර්මාන්තයේ යෙදීමට ප්‍රශ්නයක් නොමැති බවත් ධීවරයන්ට අවශ්‍ය පහසුකම් සළසා දී තිබෙන බවත් මත්ද්‍රව්‍ය පාලනයට මෙම දූපත වැදගත් ස්ථානයක් බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ නිලධාරියෙකුට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයේ පොලීසිය විසින් විභාග කරගෙන යන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (07) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.
මෝටර් වාහන පනත යටතේ නියෝග අද (07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය. ඒ අනුව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් නියෝග පාර්ලිමේන්තුවේ අනුමතිය සඳහා ඉදිරිපත් කළේ ය.
සභාවේ කටයුතු ස්ථාවර නියෝග අනුව සිදුකළ යුතු බවත් අලුත් සම්ප්‍රදායක් ඇති කිරීමට නොහැකි බව කතානායක කරූ ජයසූරිය මහතා අද (07) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.