ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    දිවයිනේ තැනින් තැන විශේෂයෙන් අද(17) සවස 04.00 න් පමණ පසු ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය දුර්වල වී අඩු පීඩන කලාපයක් බවට පත්වී එය ශ්‍රී ලංකාවෙන් ඉවතට ගමන් කර අද(16) දින සවස හෝ රාත්‍රී කාලයේ තමිල්නාඩු වෙරළින් ඉන්දියාවට ඇතුළු වනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් වෙයි.

    අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවට පත් ජනතාව පිළිබඳ තොරතුරු ලබාගෙන ඔවුන් වෙනුවෙන් අවශ්‍ය සහන ලබාදීම දැනටමත් ආරම්භ කර ඇතැයි ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා රජයේ නිලපුවත් වෙබ් අඩවියට පැවසී ය.


    පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක ගණනාවක ජනතාව පීඩාවට පත්ව සිටින බවත් මේ වනවිට ඔවුන් වෙනුවෙන් ආහාර පාන ඇතුළු සියලු අවශ්‍ය පහසුකම් ලබාදෙමින් සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මාධ්‍ය සම්බන්ධීකාරක ප්‍රදීප් කොඩිප්පෙලි මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya