බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ශ්‍රී ලංකා - සෞදි අරාබි පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ අභිනව සභාපතිවරයා ලෙස පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතා තේරී පත් විය.
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ග්‍රාමීය ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වයන් ඉහළ නැංවීම අරමුණූ කර ගනිමින් “සුවයට අරුණක්” ජංගම සෞඛ්‍ය වෛද්‍ය සායන දිවයින පුරා ක්‍රියාවට නංවනු ලැබේ.
රට තුළ ඊනියා අරගල සිදු කර රට අස්ථාවර කිරීමට යළි ඉඩ නොදෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.