මැදපෙරදිග රටවල සංචාරයක නිරත වන අධිකරණ හා විදේශ රැකියා ඇමතිනී තලතා අතුකෝරළ මහත්මිය බහරේන් කර්මාන්ත ත වාණිජ හා සංචාරක අමාත්‍ය මහතා හමු වී දෙරටට වැදගත් වන ක්ෂේත‍්‍ර සම්බන්ධව සාකච්ඡා පවත්වන ලදි.
මාවතගම පොලිස් ස්ථානයේ නව පරිපාලන ගොඩනැඟිල්ල අද (17) විවෘත කෙරේ.
හදිසි හෘදයාබාධයක් නිසා හිගුරක්ගොඩ රෝහලට ඇතුලත් කළ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා මිය යාම, හදිසියේ හෘදයේ සංකූලතාවයක් ඇති වී ප්‍රතිකාර කිරිම සදහා රඹෑව රජයේ ග්‍රාමීය රෝහලට ප්‍රතිකාර ගැනීමට පැමිණි පාසල් සිසුවාට ප්‍රතිකාර නොකිරීම, මාතර මහ රෝහලේ බාහිර රෝගී අංශයේ ප්‍රතිකාර කරමින් සිටි වෛද්‍යවරියකට බැණ වැදීම යන සිද්ධීන් සම්බන්ධයෙන් වහාම පරීක්ෂණ පවත්වා වාර්තාවක් ලබාදෙන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතාට තමන් දැනුම් දුන් බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.