2015 අය-වැය යෝජනා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පරිපාලන සේවයේ නිලධාරීන්ගේ අදහස් හා යෝජනා ලබා ගැනීමටත්, අය-වැයෙන් ජනතාවට හිමි වරප්‍රසාද ලබා දෙන ආකාරය පිළිබඳ ව විධිමත් වැඩපිළිවෙළක් සැකසීම සඳහාත් මෙම හමුව සංවිධානය කර ඇත.
මෙම සාකච්ඡාවට රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්ලියු.ඩී.ජේ. සෙනවිරත්න, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර හා රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් පී.බී. අබේකෝන් මහත්වරුන් ද සහභාගීවීමට නියමිතය.
HC



















