මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (07) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ සිව්වෙනි දින විවාදයට එක්වෙමිනි.
මගේ වත්කම් අද ඊයේ තිබුණු ඒවා නොවෙයි. ඒ කාලේ සිට අපට මුදල් තියෙනවා. අපි පාර පල්ලේ ඉඳලා ආව අය නො වේ. අපට පදනමක් තියෙනවා. දේශපාලනයට ඇවිත් ධනවත් වුණා නම් ඒක වැරදියි. මගේ වත්කම් බලන්න නම් ඇවිත් බලන්න යැයි ඔහු කීය. හොරකම් කරලා තියෙනවා ද බලන්න. පෞද්ගලික හෙලිකොප්ටර් තියෙනවා. බැංකුවට ගිහින් ණයක් අරන් හෙලිකොප්ටරයක් ගත හැකියි. ව්‍යාපාර කර ගත හැකි බවත් ඔහු පෙන්වා දුන්නේය.
NDH/HC