රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ අධ්‍යාපන සේවා අමාත්‍යාංශය යන අමාත්‍යංශ තුනක වැය ශීර්ෂයන් සම්මත කර ගැනීම සඳහා ආණ්ඩු පක්ෂය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.
රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ පුනරාවර්තන වියදම් සඳහා රු. 149,300,000,000ක් ද මූලධන වියදම් සඳහා රු. 4,416,000,000ක් ද අනුමත කරගැනීමට ද,
අධ්‍යාපන අමාත්‍යාංශයේ පුනරාවර්තන වියදම් සඳහා රු. 30,500,000,000ක් ද මූලධන වියදම් සඳහා රු. 17,100,000,000ක් ද අනුමත කරගැනීමට ද
අධ්‍යාපන සේවා අමාත්‍යාංශයේ පුනරාවර්තන වියදම් සඳහා රු. 7,300,000,000ක් ද මූලධන වියදම් සඳහා රු. 540,000,000ක් ද අනුමත කරගැනීමට ආණ්ඩු පක්ෂය අපේක්ෂා කරයි.
පෙරවරු 10.00 සිට පස්වරු 12.30 දක්වා රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ 121, 253 හා 279 වැය ශීර්ෂයන් විවාදයට ගනු ලබන අතර පස්වරු 1.30 සිට අධ්‍යාපන අමාත්‍යාංශයේ 126, 212 හා 213 වැය ශීර්ෂයන් ද අධ්‍යාපන සේවා අමාත්‍යාංශයේ 189 යන වැය ශීර්ෂය ද විවාදයට ගැනේ. එම විවාදය පස්වරු 6.30 දක්වා පැවැත්වේ.
HC/NDH