අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (11) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ හත් වෙනි දින විවාදයට එක්වෙමිනි.
ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ 139, 290 වැය ශීර්ෂයන් අද පෙරවරු 10.00 සිට පස්වරු 12.30 දක්වා විවාදයට ගැනිණි.
බහුදින යාත්‍රා, විසිරි ණය යෝජනා ක්‍රමය, ධීවර ණය යෝජනා ක්‍රමය, ධීවර දරුවන්ගේ විධිමත් ව්‍යාපෘති රැසක් මහින්ද රාජපක්ෂ මහින්ද රාජපක්ෂ මහතා, ධීවර ඇමතිවරයා ලෙස කටයුතු කළ කාලයේ ඉටු වුණා. රාජිත සේනාරත්න මහතාත් ධීවර ඇමතිවරයා ලෙස විශාල කාර්යභාරයක් ඉටු කරනවා. මත්ස්‍ය සම්පත වැඩි වුනොත් විතරයි ධීවරයින්ගේ අතට සල්ලි එන්නේ. මත්ස්‍ය ආදායම වසරින් වසර වැඩිවෙනවා. තහනම් දැල් ආම්පන්න ක්‍රම නතර කළේ මේ ඇමතිවරයා බවත් අපගේ ධීවරයින්ට ප්‍රමුඛතාව ලබාදෙන ලෙස ඔවුන් ඉල්ලා සිටින බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
NDH/HC