අප්‍රේල් 19, 2025
tami eng youtube  twitter facebook

    නායකත්ව පුහුණුව ලබාදීමේ අරමුණ හොඳ සිසුවෙකු බිහිකිරීමයි

    නොවැම්බර් 17, 2014

    (දෙවන යාවත්කාලීන කිරීම - වීඩියෝ) සිසුන්ට නායකත්ව පුහුණුව ලබාදීමේ අරමුණ හොඳ සිසුවෙකු බිහිකිරීම බව උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (17) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ දොළොස් වැනි දින විවාදයට එක්වෙමිනි.

    අද පස්වරුවේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ 171 හා 214 වැය ශීර්ෂයන් විවාදයට ගැනේ.

    විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන සඳහා වැඩි පිරිසක් ඇතුළත් කර ගෙන ඇත. ශිෂ්‍යත්ව ලබා දී ඇත. අපේ විශ්වවිද්‍යාල පද්ධතිය පිළිබඳ ආකර්ෂණීය තත්ත්වයක් ඇති කිරීම සඳහා විදේශ සිසුන් 100ක් බඳවා ගෙන ඇත. නේවාසිකාගාර සටන් පාඨ ඉවත් කරන තත්ත්වයට අවශ්‍ය පියවර ගෙන ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

    සිසුන්ට නායකත්ව පුහුණුව ලබාදීමේ අරමුණ හොඳ සිසුවෙකු බිහිකිරීමයි. බයෙන් සැකෙන් පුහුණුවට පැමිණි සිසුන් පිටව යන්නේ සතුටෙන්. කලට වෙලාවට වැඩකිරීම, විනය ආදිය මෙහිදී පුහුණු වෙනවා. දැන් දරුවන්ට ඔරොත්තුදීමේ හැකියාව තියෙන බවත් හිංසන නවකවදය නැති කිරීම මේ නායකත්ව පුහුණුව ලබා දීමේ අරමුණ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya