අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (18) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ දහතුන් වැනි දින විවාදයට එක්වෙමිනි.
අද විශේෂ කාරක සභා අවස්ථාවට යොමුකරන ලද ඵලදායිතා ප්‍රවර්ධන, වැවිලි කර්මාන්ත, සුළු අපනයන බෝග ප්‍රවර්ධන, පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන, සීනි කර්මාන්ත සංවර්ධන, විශේෂ ව්‍යාපෘති, සමාජ සේවා, නැවත පදිංචි කිරීමේ, අපදා කළමනාකරණ, උද්භිද උද්‍යාන හා පොදු විනෝදාත්මක කටයුතු හා වනජීවී සම්පත් සංරක්ෂණ යන අමාත්‍යාංශයන් හි වැය ශීර්ෂයන් විවාදයට ගැනේ.
නැගෙනහිර පළාතේ 18 ලක්ෂ 50,000ක් පොල් පැළ සිටුවා ඇත. ධනවාදී අර්ථ ක්‍රමයක් පැවති පොල්, තේ, රබර් වගාව ඉන් මිදී ඇත. සුළු වතු හිමියන් ගැන අදයි ඇසන්නේ. එදා ඔවුන්ට ලැබුණු සහනයක් නැහැ. එදා කප්රුක පුරවර සමිතියේ සාමාජිකත්වය ගන්න නම් පොල් අක්කර 50ක් තිබිය යුතුයි. අද එසේ නැහැ. ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි පොල් සංවර්ධනය වෙනුවෙන් වැඩසටහන් දියත් කර ඇති බවත් ඔහු කීය.
පොල් පර්යේෂණ ආයතනය මයිටා, පොල් කොළ මැළවීමේ රෝගය, රතු හා කළු පොල් කුරුමිණියන් ගැන ගවේෂණය කර විධිමත් වැඩපිළිවෙළක් හඳුන්වා දී ඇත. සුළු පොල් කර්මාන්ත හිමියන් තම දුප්පත්කම නැති කිරීමේ ගමනට එක් ව සිටිනවා. දිවයින පුරා කප්රුක පුරවර සමිති 6,000ක් පමණ පිහිටුවා ඇති බවත් එය සෑම ගමක ම පිහිටුවා ඇති බවත් ඔහු කීය.
පොල් කර්මාන්තය දළ දේශීය නිෂ්පාදනයට ධනයක් උපයන බව ජනාධිපතිතුමා එසා අයවැයෙන් කිව්වා. විධිමත් කළමනාකරණය නිසයි එසේ වුණේ. අද රුපියල් මිලියන 1000ක් පොල් සංවර්ධනය වෙනුවෙන් වෙන් කර ඇත. තවත් අතුරු කර්මාන්ත සඳහා රුපියල් මිලියන 500ක් ද අයවැයෙන් වෙන් කර ඇති අතර දිවි නැඟුම සඳහා පොල් පැළ ලක්ෂ 25ක් විකුණා ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
NDH/HC