19 වන ලෝක ඡායාරූප ශිල්පි දිනය වෙනුවෙන් සංවිධාන කෙරුණු විශේෂ ඡායාරූප ප්‍රදර්ශනයක් ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙළුම් කුළුණ පරිශ්‍රයේදී ආරම්භ විය.
ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සංකල්පයකට අනුව හෝමාගම ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් පැවති ධර්ම රශ්මී පොසොන් කලාපයේ, හෝමාගම නගර මධ්‍යයේ ප්‍රාදේශීය සභාව මගින් ප්‍රදර්ශනය කරන ලද තොරණ සඳහා ලැබුණු ආධාර වලින් ඉතිරි වූ රුපියල් ලක්ෂ 7 ක පමණ මුදලින් හෝමාගම මූලික රෝහල වෙත අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
ජනතාවට සේවය කරන්න ඔබේ තනතුරු භාවිතා කරන්න වගකීම හරිහැටි ඉටුකරන්න බැරිනම් කරුණාකරලා කෙටි කාලයක් තුළදී ඔබ තීන්දුවක් ගත යුතු යැයි ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා ප්‍රකාශ කරයි.