ජනවාරි 21, 2025
tami eng youtube  twitter facebook

    රාජකාරියේ වගකීම ඉටුකරන්න බැරිනම් කෙටි කාලයක් තුළදී තීන්දුවක් ගන්න -ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත

    අගෝස්තු 22, 2023

    ජනතාවට සේවය කරන්න ඔබේ තනතුරු භාවිතා කරන්න වගකීම හරිහැටි ඉටුකරන්න බැරිනම් කරුණාකරලා කෙටි කාලයක් තුළදී ඔබ තීන්දුවක් ගත යුතු යැයි ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා ප්‍රකාශ කරයි.

    රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, කොළඹ දිස්ත්‍රීක් උප්පැන්න, මරණ, විවාහ, රෙජිස්ටාර්වරුන් සඳහා පත්වීම් ලබාදීම 21දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන් පැවති අවස්ථාවේදීය .

    එහිදී අදහස් දැක් වූ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා -

    ‟බොහෝ අයගේ ආකල්පය තියෙන්නෙ මේ රටේ අධ්‍යාපනය ලබලා, වරප්‍රසාද විඳලා, හරි හම්බ කරගෙන, දරු මල්ලොත් හදාගෙන රට යන්න. අපි මේ අමාරු වෙලාවේ රට ගොඩනගන්න අපේ ශක්තිය එකතු කරන්න ඕනේ. මේ බිමේ මිනිසුන්ගේ අවශ්‍යතාවයන් ඉටු කරලා දෙන්න ඔබට මට වගකීමක් තියෙනවා. ඔබ ඔවුන් අපහසුතාවයට ලක්කරන්නෙ නැතුව තනතුර අවභාවිතා කරන්නේ නැතුව ජනතාවට සේවය කරන්න.

    අපි ග්‍රාමීය මට්ටමේ ජංගම සේවා වලට ගියාම අධිකරණ වලට ගියාම දකින ගැටලු තියෙනවා. ඔබේ පෑනෙන් ලියන ඇලපිල්ල ඉස්පිල්ල පවා අධිකරණ වල දී ගැටලු වෙන්න පුළුවන්. ඉස්පිල්ල පාපිල්ල පවා විමසිල්ලෙන් සටහන් කළ යුතු වෙනවා. පිටපත් තුන තුන් ආකාරයකට ලිව්වොත් ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මේ කිසිම වැඩකට අගමැතිතුමා වචනෙකින්වත් බලපෑම් කරලා නැහැ. කොයිතරම් බලතල තිබුණත් අප ඒ බලතල භාවිතා කරන්නැතුව සාධාරණව ඔබට මේ තනතුරු ලබා ගැනීමට අවස්ථාව සලසා තිබෙනවා. ඒ වගේම ජනතාවට සේවය කරන්න ඔබේ තනතුරු භාවිතා කරන්න වගකීම හරිහැටි ඉටුකරන්න බැරිනම් කරුණාකරලා කෙටි කාලයක් තුළදී ඔබ තීන්දුවක් ගත යුතුයි.

    සියලු රෙජිස්ටාරවරුන්ට උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව අඩුපාඩු සහ වගකීම් පැහැරහැරීම මත ලකුණු කපා හැරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන්න, එය නියාමනය කරන්න අපි අග්‍රාමාත්‍යවරයාගේ අවසරය ඉල්ලා සිටින්න බලාපොරොත්තු වෙනවා. මේ මව්බිම බේරගන්න, ජාතික වීරවරයෙක් විදිහට ලේ කඳුළු දහඩිය එකතු කළ දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ පියාණන් වැනි අය කරපු කැපකිරීම් මත තමයි අද මේ රට මේ විදිහට ගොඩනැගිලා තියෙන්නේ."

    මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගාමිණී ලොකුගේ, යදාමිණී ගුණවර්ධන, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් රංජිත් අශෝක, කොළඹ දිස්ත්‍රීක් ලේකම් කේ. ජී. විජේසිරි, රෙජිස්ටර් ජනරාල් ඩබ්.ආර්. විජේසිංහ යන අය සහභාගී විය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya