අස්වැසුම සුබසාධන දීමනා සම්බන්ධයෙන් අභියාචනා හා විරෝධතා දැක්වීමේ කාලසීමාව ඊයේ අවසන් වුවද සාධාරණ හේතුවක් මත ඕනෑම පුද්ගලයෙකුට ජනාධිපති කාර්යාලයට අභියාචනා කළ හැකි බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, කැන්විල් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම,හොටෙල් ඩිවලපර්ස් ලංකා සමාගම, සහ ලිට්රෝ ගෑස් ලංකා සමාගම සඳහා ගනුදෙනු උපදේශකයන් තෝරාගැනීම සඳහා වන ගිවිසුම්වලට එළඹීම පිණිස මුදල්, ආර්ථික ස්ථායී කරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
ටෙස්ට් තරග 2 කට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින පාකිස්තානු ක්‍රිකට් කණ්ඩඩායමට එරෙහිව පැවැත්වෙන දෙදින පුහුණු තරගය සඳහා ක්‍රීඩා කිරීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායමේ නායකයා ලෙස කමිඳු මෙන්ඩිස්ව නම් කර තිබේ.