අධිකරණ ක්ෂේත්රය ඩිජිටල්කරණය කිරීම අත්‍යාවශ්‍ය බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා (05) පාර්ලිමේන්තුවේදී පැවසීය.
ආගමික සංහිඳියාවට තර්ජනයක් වන සියලු ක්‍රියාවන්ට එරෙහිව ක්‍රියාත්මක වීමට අවශ්‍ය නව නීති ගෙන එන බව බුද්ධශාසන සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ප්‍රකාශ කළේය.
මෙරට ජල සම්පාදන ක්ෂේත්රයේ නව ප්‍රතිසංස්කරණ මෙහෙයුම් වැඩසටහන මෙන්ම ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලයේ ධාරිතාව ඉහළ නංවා ගැනීමේ ව්‍යාපෘති සඳහා අවශ්‍ය දැනුම හා තාක්ෂණික සහාය ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව කැමැත්ත පළ කර ඇත.
ගුරු සහ විදුහල්පතිවරු බඳවා ගැනීමේ විභාග කල් යෑමෙන් මෙරට ලක්ෂ 41ක් වූ පාසල් දරුවන් අසාධාරණයට පත්ව සිටින බවත්, හැකි ඉක්මනින් ගුරු විභාගය පවත්වා ගුණාත්මක භාවයෙන් යුතු දරු පිරිසක් බිහිකිරීමට සහාය වන්නැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අද (05 ) පාර්ලිමේන්තුවේ දී ඉල්ලා සිටියේය.