ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය විසින් ගෙන එන යෝජනාව අනුව 'උසාවිවල අධිකරණ කටයුතු ප්‍රමාදය සහ එයට සම්බන්ධ කරුණු පිළිබඳ කල් තැබීමේ විවාදයට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව පැවසීය.
වැඩිදුරටත් අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේ;
කොවිඩ් වසංගතය හේතුවෙන් මෙරට ලක්ෂ 41 ක් වූ පාසල් දරුවන්ට අධ්‍යාපනය අහිමි වුණා.
යුනිසේෆ් සංවිධානය මීට මාස තුනකට පෙර කරපු සර්වේ එකක ප්‍රතිඵල අනුව 3 වන ශ්‍රේණියේ දරුවන්ගේ ලිවීමේ කියවීමේ හැකියාව 14% ක් වෙලා. ප්‍රාථමික අංශයට පුහුණු ගුරුවරු නොයෙදවීම මීට ප්‍රධානම එක් හේතුවක්. කොවිඩ් වසංගතය හේතුවෙන් පාසල් වසා දැමීම අනෙක් හේතුව.
අද දවසේ පාසල් විල විදුහල්පතිවරු ඉන්නෙ9000ක් පමණයි. විශාල පිරිසක් පසුගිය දෙසැම්බර් විශ්‍රාම ගියා. නමුත් මේ වන විට විදුහල්පතිවරු පුරප්පාඩු 4500ක් පිරවීමට කටයුතු කර තිබෙනවා.
අද මම එද්දි බොහෝ පාසල් වල උද්ඝෝෂණ, විදුහල්පතිවරු නැහැ. නමුත් අපිට සිදුවෙනවා අධිකරණ නියෝගයට ගරු කරන්න. නමුත් මූලික අයිතිවාසිකම් කැඩෙන්නේ දරුවන්ගේ. කරුණාකර මේ නඩු කඩිනම් කරන්න හැකි ඉක්මින් මේ නඩු විසඳලා දෙන්න. කවුරුවත් දරුවන්ගේ අයිතිවාසිකම් ගැනකතා කරන් නැහැ.
ගුරුවරු බඳවා ගැනීමේ විභාගය පවත්වන්න තිබුණේ මාර්තු 25. නමුත් මේ සම්බන්ධයෙන් පිරිසක් අධිකරණයට ගියා. නමුත් ශ්‍රේෂාධිකරණය එම පෙත්සම ප්‍රතික්ෂේප කළා. මම ඒ ගැන
ශ්‍රේෂ්ධාධිකරණය ගරු කරනවා.නමුත් නැවතත් පිරිසක් අධිකරණයට ගියා.ඒ නිසා අදටත් විභාගය පවත්වන්න බැහැ. අපි හැදුවේ මෙම 26,000 බඳවාගෙන වසරක් පුහුණු කරලා පෝස් ග්‍රැජුවට් ඩිප්ලෝමා කරන්න. නමුත් එම උත්සාහය ව්‍යර්ත වුණා. පසුගිය දෙසැම්බර් මාසයේ ගුරුවරු විශාල පිරිසක් විශ්‍රාම ගියා. රජයේ සේවය ඉන්න පිරිස බඳවා ගත්තා නම් නැවත භාණ්ඩාගරයෙන් මුදල් ගෙවන්න වනේ නැහැ. නමුත් මෙයින් අගතියට පත් වුණේ පෙත්සම්කරුවෝ නෙමේ. අහිංසක දරුවෝ.අපි අද එනවා හෙට යනවා. නමුත් මෙයින් අගතියට පත් වන්නේ දරුවෝ. මේ අභියෝගයෙන් ගොඩ යන්න නම් ඔබතුමන්ලාගේ සහයෝගය අවශ්‍ය වෙනවා.