කිරුළපන ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ වාර්ෂික මිහිඳු පෙරහැර ජුනි මස 17 වැනි දින රාත්‍රී8.00 ට විථි සංචාරය කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති එම විහාරස්ථානයේ විහාරාධිපති ඇල්කඩුවේ නාගිත හිමිපාණන් වහන්සේ පැවසූහ.
සබරගමුව පළාතේ නව ආණ්ඩුකාරවරයා ලෙස හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතා පත් කර තිබේ.
බිත්තර මිල සම්බන්ධයෙන් වන ගැටලුවට දේශීය වශයෙන් හැකිතාක් බිත්තර නිෂ්පාදනය වැඩිකර ගැනීම සඳහා වන දිශානතියට යොමුවීම එකම විසඳුම වන බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.