නාථගනේ ස්තූපය හා පුරාවිද්‍යාත්මක නටබුන් සහිත ප්‍රදේශයේ කැනීම් කටයුතු මේවන විට සිදු කර අවසන් බවත්,මෙම පුරාවිද්‍යාත්මක ස්ථානය ඉදිරි පරම්පරාවන් වෙත ද දායාද කිරීමට ආරක්ෂා කරන ලෙස ජනතාවගෙන් ද ඉල්ලා සිටින බව බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සඳහන් කරයි.
දිස්ත්‍රික්ක කිහිපයක බලපා ඇති වර්ෂා තත්වය ඉදිරි දිනවලත් පැවතිය හැකි බවත් දිස්ත්‍රික්ආපදා කළමනාකරණ ඒකක පැය 24 පුරා අඛණ්ඩව ක්‍රියාත්මක බවත් ආපදාකළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
මෙරට ඉන්ධන ආනයනය, බෙදාහැරීමේ සහ අලෙවි කිරීමේ ව්‍යාපාරය සහ එක් වන විදේශ සමාගම් තුන සමග ගිවිසුම් ගතවීමට නියමිත ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සමග දැනට කටයුතු කරන ඉන්ධන පිරවුම්හල් හිමියන් සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අතර විශේෂ හමුවක් (04) පදනම් ආයතන ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.
තෙමසකදී විදේශ රැකියා ජාවාරම්කරුවන් සමග ඔවුන්ට ගොදුරු වූ කාන්තාවන් 170ක් හඳුනා ගැනේ