මෙරට තැන්පත්කරුවන්ගේ තැන්පතු මුදල් ආදියට අගතියක් වන ආකාරයේ කිසිඳු තීරණයක් මෙතෙක් ගෙන නොමැති බවත්, දේශීය දේශීය ණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා රටට ප්‍රතිඥාවක් ලබා දී තිබෙන අතරම ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව සාකච්ඡා පවත්වමින් තිබෙන බවත්, ප්‍රවාහන හා මහාමාර්ග, ජනමාධ්‍ය අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (09) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී ප්‍රකාශ කළේය.
කඩිනමින් විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීමට විශේෂ පැකේජයක් ජනාධිපතිතුමා විසින් නුදුරේදී රටට ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව ජනාධිපතිවරයා ඊයේ කැබිනට් මණ්ඩලයට දැනුම්දුන් බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
ජාතික හෙද විශ්වවිද්‍යාලයක් පිහිටුවීමට ප්‍රතිපත්තිමය අනුමැතිය
තේ,රබර් සහ පොල්වතු ( කැබිලි කිරීම පාලන ) පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය