ඉන්දියන් රජයෙන් ලබා දී ඇති බස් රථ 500 හි කාර්මික දෝෂ තිබෙන බවට ලංගම සභාපතිවරයා දැනුම් දීමක් කර නොමැති බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (18) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළේය.
පසුගිය පාස්කු ප්‍රහාරයේ වගකිවයුතු පිරිස් කිසිවෙකුට ගැලවීමට ඉඩක්නොදී නීතියෙන් අනිවාර්යයෙන්ම දඬුවම් ලබාදීමට කටයුතු කරන බවත්, සියලු වින්දිතයන්ට සාධාරණය ඉටුකරන බවත්, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මහතා පවසයි.
එළඹෙන අප්‍රේල් 20න් පසු මහජනතාවට නිදහසේ කාලය ගත කිරීමට සහ සුවිශේෂී ආගමික කටයුතු සඳහා පමණක් ගාලු මුවදොර පිටිය වෙන්කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව කැබිනට් ප්‍රකාශක,අමාත්‍ය ආචාර්ය බනුදුල ගුණවර්ධන මහතා පැවසීය.
මෙරට රජය චීනය සමග කිසිදු රිලවුන් සම්බන්ධයෙන් ගනුදෙනුවක් සාකච්ඡා කර නැතැයි කැබිනට් ප්‍රකාශක,ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.