මෙවර යල කන්නයේ දී යුරියා පොහොර මිල තවදුරටත් අඩු කිරීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් කෘෂි විද්‍යාඥ මහාචාර්ය දිවංගත පියල් මාරසිංහ මහතා විසින් සිදු කළ සේවය අගයමින් ආයුර්වේද දෙපාර්තමේන්තුවට අයත් හල්දුම්මුල්ල පර්යේෂණ හා ව්‍යාප්ති සේවා ජාතික ඔසු උයන පියල් මාරසිංහ පර්යේෂණ හා ව්‍යාප්ති සේවා ජාතික ඔසු උයන ලෙස නම් කිරීම දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය (11) දින සිදු කෙරිණ.
වසර 04 ක් තුළ 08 වතාවකදී ඩොලර් බිලියන 03 ක මුදලක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ කිතුල් සංවර්ධන මණ්ඩලය විසින් රුහුණු සංචාරක කාර්යංශය , නෙළුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ සිංහරාජ සුමිතුරෝ ස්වෙච්ඡා සංවිධානය එක්කොට ගෙන ආරම්භ කරන ලද ' කිතුල් සංචාරක සත්කාරක ගම්මාන ' වැඩසටහනේ ලංකාගම මුල්කොටගත් ව්‍යාපෘතිය නිරීක්ෂණයට අමාත්‍ය රමේෂ් පතිරණ මහතා (11) එක් විණි.