අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිදු කරන විශේෂ ප්‍රකාශය මීට සුළු මොහොතකට පෙර අද (14) පාර්ලිමේන්තුවේ දී ආරම්භ කළේ ය.
ලෝකයම පරිසර හිතකමී ගොවිතැනට ගමන් කරමින් සිටිනවා. පොහොර සහනාධාරයට මුදල් ලබාදෙන්නේ විද්‍යාත්මක පදනමක් මතයි.කෘත්‍රීම පොහොර විශාල ලෙස යෙදවීම නිසා පසේ සජීවිකරණය විනාශ වෙනවා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති.
රටට අවශ්‍ය විශේෂ ආහාර බෝග රටතුළ නිෂ්පාදනය කිරීම, වැඩි කිරීමට අවශ්‍ය බවත් තුන් අවුරුදු ආහාර සැළැස්ම ක්‍රියාත්මක කිරීම තුළින් ආනයනය කරන ආහාර බෝග අඩුකරගැනීමට හැකි වන බවත් කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා ප්‍රකාශ කරයි.
රිය අනතුරු අවම කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කොට තිබෙන බවත් කොළඹ පවතින රථවාහන තදබදය හේතුවෙන් සිදුවන අනතුරු විශාල ප්‍රශ්නයක් වී තිබෙන බවත් නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා ප්‍රකාශ කරයි.