තේ දල්ල ශ්‍රී ලාංකේය භූමියේ හටගත් කතාව ඵෙතිහාසික ව ගත් කළ රට තුළ කළ ඇති සමාජ, ආර්ථික හා දේශපාලන බලපෑම සුළුපටු නොවේ. විවිධ ධාරාවන් ඔස්සේ අපගේ ජනසමාජය, ජන විඥානය හා බද්ධව මෙම කතාව ලියවී තිබේ. ඒ නිසාම සාහිත්‍ය කලාව තුළද තේ දල්ල දෙස බලා ගෙත්තම් වූ නිර්මාණ අපට සුලබව දැක ගැනීමට හැකි වෙයි.සංස්කෘතික වශයෙන් අපගේ ජන සමාජය තුළ විවිධත්වයක් ඇති කිරීමට මේ රටේ ස්ථාපිත වූ තේ දල්ල සමත් විය. එසේම ජාතීන් අතර සම්මිශ්‍රනයේ ඉතිහාසය විමසීමේදී ද අපට තේ වගාව ආශ්‍රිත ශ්‍රමය අමතක කළ නොහැකි සාධකයක් වන්නේය. සැබවින්ම මේ රටේ ආර්ථිකයේ දැවැන්ත ශක්තියක් බවට පත්ව තිබූ තේ වගාව ජාතිය පෝෂණය කළ දෙවැනි පියෙකු ලෙසද හදවත් තුළ විරාජමාන වේ.
ඉතිහාසයේ මෑත කාලීන පරිච්ඡේදය වන තුරාම පාසල් යන දරුවන්ගෙන් අපනයන බෝග පිළිබඳ විමසූ විට පළමුව සිහියට ආවේ තේ දල්ලය. පෙළ පොතේ අපට දශක ගණනාවක් පුරා ඉගැන්වූ පාඩම එයයි. තේ වගාව අපට ඉංග්‍රීසීන්ගෙන් ලැබුණු දායාදයක් සේ සැලකේ. එය දායාදයක් සේ සැලකීම සාදාරණ වන්නේ පරම්පරා ගණනක් දේශයේ ගමන් මඟ සුරක්ෂිත කළ නිසාම පමණක් නොවේ. සැබවින් ම අපේ සමාජීය හා සංස්කෘතික ජීවිතය හා බද්ධව පවතින්නක් වන නිසාය. ඉතිහාසයේ ගෙවී ගිය සියවස් එකහමාරක් තුළ තේ වගාව ශ්‍රී ලංකේය ලකුණ ජාත්‍යන්තරයේ සනිටුහන් කළ කීර්තිය අපමනය. අතීතයේ අප්‍රිකාව, ඝායනා, බටහිර ඉන්දියාව, කැනඩාව, කේප්, කොළණිය, හොංකොං, මාලදිවයින, මෝල්ටාව, මුරුසිය, නටාල්, නිව්ෆවුන්ඩන්ලන්තය, බෝනියෝ, ඩෙන්මාර්කය, චීනය, ග්‍රීසිය, මැඩගස්කර්, පර්සියා, නෝර්වේ, පෘතුගාලය, රොමේනියා, තුර්කිය යන රටවල්වල අපගේ තේ දල්ලේ කීර්තිය පැතිර තිබූ බව 1911 මාර්තු 25 වන දින “සිංහල බෞද්ධයා” පුවත් පතට ලිපියක් සම්පාදනය කරමින් අනගාරික ධර්මපාලතුමා සඳහන් කරයි.

තේ වගාවේ සාර්ථකත්වය ශ්‍රී ලංකාවේ කොපමන දැයි යන්න අපට පැහැදිලි වන අවස්ථා බොහෝය. එදා ලෝකයපුරා අපගේ තේ වගාව ව්‍යාප්ත වූයේ වාණිජ බෝගයක් වේගයට නොව දර්ශනයක් පැතිර යන්නා සේය. “මසක් පාසා එංගලන්තයේ තරුණ ඉංග්‍රීසිකාරයෝ දෙතුන්දෙනෙක් තේ වවන ක්‍රමය ඉගැන්වීමට ලංකාවට පැමිණෙන්නාහ.” යනුවෙන් මීට වසර සියයකට ප්‍රථම ව අනගාරික ධර්මපාලතුමා සිංහල බෞද්ධයා පුවත් පතට ලිපියක් ගෙන හැර දක්වමින් පෙන්වා දුන්නේ අන් කිසිවක් නොව මේ රටේ තේ වගාවේ වූ අති සාර්ථකත්වයයි. තේ වගාව කොපමණ ලෝකයේ ජනතාව අතර දිග්විජය කළේද යතහොත් අතීතයේ අප මාතෘ භූමිය “ලිප්ටන්ගේ තේ වත්ත” නමින් ද ප්‍රකට ව තිබූ බව ඉතිහාසයේ සඳහන් වෙයි.
තේ වගාවේ ඉතිහාසය ලෝකයේ කියැවෙන්නේ චීනය මුල් කොට ගෙනය. ඒ බුද්ධොත්පත්තියට ද වසර 2700කට ප්‍රථමව ය. චීනයේ රජකම් කළ Shen Nune නැමැති අධිරාජ්‍යයා වටා තේ දල්ලේ ඉතිහාස කතාව ලියැවේ. ජනප්‍රවාදයන්ට අනුව මේ අධිරාජ්‍යයා දිනක් සිය පිරිවරද සමඟ පාද චාරිකාවක නියැලේ. සුන්දර පරිසරයේ ආශ්වාද විදිමින් යන අධිරාජ්‍යයාට දැනුන ගමන් වෙහෙස නිසාම වන ලැහැබක් අසල නිසොල්මන් රුක්ගොමුවක් යට විඩා නිමයි. පරිසර මිහිරියාවේ ආශ්වාදය ගනිමින් විඩාහරින අධිරාජ්‍යයා සිය පිරිවර සපයා දුන් උණුදිය උගුරක් රසවිදිනුයේ ගමන් විඩාව මගහරවා ගැනීම පිණිසය. පරිසරයට විවෘත ව තිබූ උණු පැන් බදුනට උඩුසුළගේ ගසාගෙන ආ මලක් සැනකින් පතිත විය. උණුපැන් බඳුනට පතිතවූයේ මලක් බව දුටු අධිරාජ්‍යය ඒ පිළිබඳ ව එතරම් සැලකිල්ලක් නොදක්වා ම උණු දිය පානය කළේය. තමා පානය කළ උණු දිය රසය පානයකින් වෙනස්ව ගොස් ආශ්වාදනීය රසයෙන් කුල්මත් වූ රජු වට පිට විපරම් කළේය. එවිට ඔහු දුටුවේ අසල තිබුණ ගසය. ඒ ගස පසු කාලයේදී ලෝකයම තෘප්තිමත් කිරීමට සමත් පානයක් විය. ඔබ අද මේ කතාව කියවන දවසේ ඇති පැය විසිහතර තුළ පමණක් ම මෙම අපූරු බීම බිලියන තුනක ජනයා ප්‍රබෝදයට පත් කරවන බව අසන ඔබ විශ්මයට පත්වනු නොඅනු මානය.
පසු කාලීනව වාණිජ බෝගයක් ලෙස කෝපි වගාවට මූලිකත්වයක් දුන් යටත් විජිතවාදීහු කාලයකදී එය අසාර්ථක වීම නිසා නව අත්හදා බැලීමක් ලෙස තේ වගාවට නැවත අවතීර්ණ වී තිබේ. ඒ සඳහා ඔවුන් පූර්වාදර්ශ කරගෙන ඇත්තේ අපගේ අසල් වැසි ඉන්දියාවයි. ඉන්දියාවේ තේ වගාව එකළ ව්‍යාප්තව ඇති නිසා පාරිසරික සාධකවල ඇති සමාන කම ආදර්ශ කොට ගනිමින් තේ වගාව ලංකාවේ අත්හදා බැලීමට ඔවුන් පියවර ගෙන ඇත. කඳුකර ප්‍රදේශයේ ඇති පාරිසරික හිත්‍යෛශී බව තේ වගාවට සුදුසු යැයි අනුමාන කළ ජේම්ස් ටේලර් නම් ස්කොට්ලන්ත ජාතිකයා විසින් වර්ෂ 1867දී නියාමන ව්‍යාපෘතියක් ලෙස මහනුවර පහළ හේවා හැට ලූල්කඳුර නම් ප්‍රදේශයේ තේ වගාව ආරම්භ කරයි. එය අක්කර නවයක් වූ භූමි භාගයක ව්‍යාප්ත කෙරිණ. පේරාදෙණිය උද්භිද උද්‍යානයේ පැල කළ ඇති බීජ ඒ සඳහා ඔහු යොදා ගත් බවද අපට ඉතිහාස ගත තොරතුරු හමුවෙයි. වසර එකසිය පනහක් පුරා අඛණ්ඩව උඩරට, පහත රට, මැද රට කේන්ද්‍රකර ගනිමින් විවිධ අභියෝගයන්ට හා උපද්‍රවයන්ට ලක් වෙමින් ලංකාවේ තේ දල්ල ඉතිහාසයේ සිට වර්තමානය දක්වා දැය සරු කර තිබේ. වර්තමානය වන විට අපේ රටට විදේශ විනිමය ගෙන ඒමෙහි ලා සිව් වන ස්ථානය උසුලන්නේ අපේ තේ දල්ලය. එය ජාතික ආදායමෙන් 2%ක් තරම් වුව ද ජාතික ආර්ථිකයට ලබාදී ඇති ශක්තිය ලඝු කර නොහැක.tea9

අද ලොව ජලයට පමණක් දෙවැනි වන වඩාත් ඉල්ලුමැති පානය ලෙස තේ පානය සලකනු ලබයි. සාමාන්‍යයෙන් ලොව පුරා ජනතාව දිනකට තේ කෝප්ප බිලියන තුනක් පමණ පානය කරන බව පැවසේ.
රටක විදේශ ආදායම ලබාදෙන ප්‍රධාන සංරචක ආරක්ෂා කිරීම පවත්නා ආණ්ඩුවේ විශාල වගකීමක් වේ. ඒ සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව විශාල පරිශ්‍රමයක් දාර ඇති බව රජය මගින් තේ කර්මාන්තය ආරක්ෂා කිරීම, නඩත්තු කිරීම මෙන් ම ශක්තිමත් කිරීම වෙනුවෙන් ගෙන ඇති විශාල කර්තවයන් ඔස්සේ දැක ගත හැකි වේ. පසුගිය වසර කිහිපය තුළ තේ කර්මාන්තය කෙරෙහි විශාල බලපෑමක් සිදු වූ අතර විශේෂයෙන් ජාත්‍යන්තර මිල ගණන් අඩුවීම හේතුවෙන් අපේ තේ කර්මාන්තයට ආර්ථික වශයෙන් විශාල බලපෑමක් සිදු විය.Rohan pethiyagoda

අද ලෝකයේ තේ නිෂ්පාදිත රටවල් අතර ඉහළින් ම කෙන්යාව සහ ඉන්දියාව වැජබුනත්, ඒ තේ හා බලන කළ ශ්‍රී ලංකාවේ තේ ඉතා ඉහළ ගුණත්වයකින් සහ ඉහළ රසයකින් යුක්ත බැවින් ඒ සඳහා පවතින ඉල්ලුම අන් රටවලට සාපේක්ෂව 50% කටත් වඩා ඉහළ මට්ටමක පවතී. අද වන විට ලංකාවේ තේ වලින් 30% පමණ නිෂ්පාදිත නමක් සහ ඇසුරුම් සහිතව අපනයනය කෙරේ. අතීතයේ මෙන් තේ තොග වශයෙන් අපනයනය කිරීම විශාල වශයෙන් අද අඩුවී ඇත. අද රට තුළ පවතින තේ වෙන්දේසියෙන් කර්මාන්තකරුවන් තේ කිලෝ එකක් ඩොලර් 5ක් පමණ මුදලට ලබාගත්තත් එහි අගය එකතු කිරීම හේතුවෙන් ඩොලර් 10 මුදලක් තේ කිලෝවකට එකතුවීමක් සිදුවේ. ඒ අනුව තේ මිල වඩ වඩාත් ඉහළ ගොස් ජාත්‍යන්තර වෙළඳපොළ තුළ ඉහළ මිලකින් අපේ තේ ඉහළින් ම තවදුරටත් වැජඹේ.
මේ වන විට ලෝකයේ අනෙක් රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනය වෙනුවෙන් ඉතා දියුණූ යන්ත්‍ර සූත්‍ර සහ තාක්ෂණය යොදා ගැනීමක් සිදුවේ. කොතරම් දියුණු තාක්ෂණය සහ යන්ත්‍ර සූත්‍ර තේ කර්මාන්තය සඳහා යොදා ගත්තත්, මූලික ප්‍රමුඛතාවය ලබාදෙනුයේ ශ්‍රී ලංකාව තුළ සාම්ප්‍රදායික ක්‍රමවේදයටයි. මේ සඳහා විශාල වශයෙන් මිනිස් සම්පත යොදා ගැනීමක් සිදු වේ. අප බොන තේ කෝප්පයේ සුවදවත් බව යන්ත්‍රයකට තීරණය කළ නොහැක. ඒ සඳහා ශ්‍රම සම්පත් දායකත්වයට ඉතා වැඩි වටිනාකමක් හිමි වේ. මිනිසා විසින් තීරණය කරන ලද තේ කුඩුවල සුවද සහ රසයට තවදුරටත් ලෝකයේ සිංහ ලකුණ රැගත් සිලෝන් ටී නාමය රදවා ගැනීමට හැකි වී ඇත්තේ මේ හේතුව නිසාය. අද වන විට තේ දල්ලට හා ඒ ආශ්‍රිත ගැටලු රැසකට විසඳුම් ලැබී අවසානායි. තේ දළුවලට මුදල් ලබා දීමේ යාන්ත්‍රණය වඩාත් ශක්ති මත් කර ඇති අතර, වෙන්දේසියේදී හිමිවන මුදල් වලින් 68%ක් ගොවියාට ගලාගෙන යාමේ යාන්ත්‍රණය ශක්තිමත් කර තිබේ. කිසියම් වගාකරුවෙකුට තම නිෂ්පාදනවල වටිනාකමට සරිලන මුදල් ලබාගැනීමේ යම් අපහසුවක් පවතී නම් එම මුදල් තේ වෙන්දේසිය හරහා අදාළ වගාකරුවන්ට ලබාදීමේ පූර්ණ බලතල අද ශ්‍රී ලංකා තේ මණ්ඩලයට හිමිව ඇත.

රට තුළ තේ කර්මාන්තය සුරක්ෂිත වූවත් ජාත්‍යන්තර වෙළෙඳපොළ නිරන්තරයෙන් අප වෙත තියුණු තරගයකට අත වනයි. ඒ වෙනුවෙන් මේ වන විටත් ශ්‍රී ලංකා තේ මණ්ඩලය ලෝක ප්‍රවර්ධන වැඩසටහන් ආරම්භ කර අවසන්ය. දැනට ලෝකයේ රටවල් 20ක පමණ සිලෝන් තේ ප්‍රචාරක කටයුතු සිදු කෙරෙමින් පවතී. විශේෂයෙන් ම ජාත්‍යන්තර ප්‍රදර්ශන හරහාත්, ලංකාවෙන් තේ අපනයන කරන සමාගම් මඟින් සිදු කරනු ලබන ප්‍රචාරණ කටයුතු හරහාත්, සමාජ මාධ්‍ය හරහාත් ජාත්‍යන්තර තරගයට මුහුණ දීමට අවශ්‍ය කටයුතු ලහි ලහියේ සැකසෙමින් පවතී. දැනට මේ වන විට සිංහ ලකුණ රැගත් තේ සන්නම් නාමය රටවල් 100කටත් එහා ලියාපදිංචි කර අවසන්ය.Tea7

කළු තේ සඳහා වෙළෙඳපොළක් පැවතීම අද වන විට ගැටලුවක් වී පවතී. මේ හේතුව නිසාම අද වන විට ශ්‍රී ලංකා තේ මණ්ඩලය මේ තත්ත්වය කෙරෙහි දැඩි උනන්දුවක් දක්වමින්, විශේෂයෙන් මේ කසල තේ යන නාමයෙන් ම එන අපිරිසිදු කියන තත්ත්වය වැළැක්වීමට පියවර රැසක් ගෙන ඇත. විශේෂයෙන් ම මෙම තේ ගබඩා කිරීමේ පටන් ඇසුරම් කිරීම ඇතුළු සියලු කටයුතු කෙරෙහි ශ්‍රී ලංකා තේ මණ්ඩලය අද වන විට සිය දෑස් දල්වාගෙන සිටින අතර, ඒ වෙනුවෙන් අදාළ චක්‍ර ලේඛන පවා නිකුත් කර අවසානයි. මෙම තේ කර්මාන්ත ලියාදිංචි කිරීමද මීට සමඟාමීව සිදු කෙරේ. දැනට ඒ අනුව කර්මාන්ත ශාලා 10ක් පමණ ලියාපදිංචි කොට අවසානයි. ඉදිරයේදී මෙම තේ හොද වෙළෙඳපොළ උපාය මාර්ගයක් හරහා තේ වෙන්දේසිය තුළට ගෙන ඒමට ශ්‍රී ලංකා තේ මණ්ඩලය මේ වන විටත් පියවර ගෙන ඇත. ඒ ඔස්සේ අපගේ අපනයන වෙළෙඳපොළට පහසුවක් වන අතර, ඉහළ මිලක් සහිත අපගේ තේ සඳහා හොද විකල්ප අපනයන වෙළෙඳපොළක් මේ ඔස්සේ සැකසෙනු ඇත. එමගින් නීතිමය වෙළෙඳපොළෙන් බැහැරව සිදු කරනු ලබන වෙළෙඳ කටයුතු සඳහා වැටබැදේ. දැනට තේ වගාව ආශ්‍රිතව සුළු වගාකරුවන් ලක්ෂ 4ක් පමණ තම ජීවන වෘත්තිය රැගෙන යාමේ අරගලයක නිරතව සිටී.
මේ වන විට පොහොර සඳහා ලබාදෙන සහනාධාර මුදල නිසියාකාරයෙන් භාවිත වීමක් දක්නට නොමැති බැවින් ඉදිරයේදී මෙම ගැටලුව සඳහා මුදල් වෙනුවට පොහොර සහනාධාර වව්චරයක් නිකුත් කිරීමට ද තේ මණ්ඩලය සිය අවධානය යොමු කොට ඇත.
මෙම වසරේදී අපේ තේ ගසට වසර 150ක් සපිරේ. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා තේ මණ්ඩලය සහ කොළඹ තේ වෙළඳුන්ගේ සංගමය එක්ව වැඩසටහන් රැසක් සංවිධානය කර ඇත. වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මැතිතුමාගේ පූර්ණ උපදේශකත්වය මත සිදු කෙරන මෙම සියලු ම සංවිධාන කටයුතු සඳහා තේ කර්මාන්තයේ පහළ මට්ටමේ කම්කරුවාගේ සිට ඉහළ නිලධාරියා දක්වා දායකත්වය ලබා ගැනීම මෙවර විශේෂත්වය වේ.Tea4

මෙම අදහස් පසක් කර ගනිමින් එළඹෙන මාර්තු සහ ජූලි කාල සීමාව තුළ දී තේ නිෂ්පාදනය සිදුකරන කලාප හත ආවරණය වන පරිදි අධ්‍යාපන ප‍්‍රදර්ශන මාලාවක් මෙන්ම ප‍්‍රශ්න විචාරාත්මක වැඩසටහන් ද සිදුකිරීමට ද ශ්‍රී ලංකා තේ මණ්ඩලය පියවර ගෙන ඇත. මෙවන් දැනුම්වත් කිරීමේ වැඩසටහන් ඔස්සේ රට සංවර්ධනයේ දී තේ කර්මාන්තයේ දායකත්වය සහ වැදගත්කම මෙන්ම එහි වෘත්තීය අවස්ථා පිළිබඳවත් මෙම ඓතිහාසික උත්සවයේ වැදගත්කම පිළිබඳවත් දේශීය ප‍්‍රජාවට පුළුල් අවබෝධයක් ලබාදීමට අපේක්ෂා කෙරේ.
ලොව පුර විසිර සිටින ජනතාවට එකම කාල හෝරාවක් තුළ සිලෝන් ටී පානයෙන් කුල්මත් වීමට ද ශ්‍රී ලංකා තේ මණ්ඩලය සතුටු සැදෑවක් සංවිධානය කර ඇත. ඒ අනුව ලොව පුරා විහිදී ඇති ශී‍්‍ර ලංකා තානාපති කාර්යාල මගින් සංවිධානය කරනු ලබන ගෝලීය සිලෝන් තේ සංග්‍රහය Global Ceylon Tea Party එළඹෙන මැයි මස 18 වන දින ලොව පුරා එක් එක් කලාපයන් තුළ සවස 5.00 ට කි‍්‍රයාත්මක කිරීමට නියමිතය. මෙහිදී ඉහළ ම ගුණාත්වයෙන් යුතු සිලෝන් තේ” සමඟ ශී‍්‍ර ලංකාවේ පැරණිම බිස්කට් නිෂ්පාදකයා වන මැලිබන් බිස්කට් සමාගම මගින් මෙම අවස්ථාව වෙනුවෙන් සුවිශේෂයෙන් ම නිෂ්පාදනය කරන ලද බිස්කට් භුක්ති විදීමට අවස්ථාව ද මේ සැදෑවේදී හිමිවේ. එමෙන් ම මෙම සැමරුමට සමඟාමී ව The 150 years of Ceylon Tea නමින් ශී‍්‍ර ලංකාවේ තේ කර්මාන්තය පිළිබඳ වසර 150ක ඓතිහාසික ආගමනය සමරු පොතක් ලෙසින් ප‍්‍රකාශයට පත් කිරීම හා වැවිලි ක්‍ෂේත‍්‍රයේ නියුතු සේවකයන් හට ප‍්‍රතිලාභ ලැබෙන පරිදි පුණ්‍ය ව්‍යාපෘතී කිහිපයකට අරමුදල් ලබා දීම අරමුණු ඇති ව විශේෂිත තේ වෙන්දේසියක්Grand Charity Tea Auction ජුනි මස 14 වන දින පැවැත්වීමට නියමිත වේ.
සංවාරකයන් සහ ශී‍්‍ර ලාංකිකයන් අතර සිලෝන් තේ” වල ඇති සුවිශේෂීතා සහ තේ හා සබැදුනු ශ්‍රී ලංකාවට ම අනන්‍ය වූ සංස්කෘතීන් ප‍්‍රවර්ධනය කිරීමේ අභිලාශයෙන් ජාත්‍යන්තර තේ උළෙලක් එළඹෙන ජූලි මස පැවැත්වීමට ද නියමිතය. මෙය තේ හා සම්බන්ධ කි‍්‍රයාකාරකම් නිරූපණය වන පරිද්දෙන් වීදි ප‍්‍රචාරණ, තේ කුටි, ආහාර හා වෙළද කුටි මෙන්ම විනෝදාස්වාදයන්ගෙන් සපිරුණ අංග රාශියක් සමගින් උත්සවශී‍්‍රයෙන් සිදු කෙරේ. මෙය ඉදිරයේදී වාර්ෂික උත්සව අංගයක් ලෙසින් කි‍්‍රයාත්මක කිරීමට ශ්‍රී ලංකා තේ මණ්ඩලය පියවර ගෙන ඇත.
මෙවර ජාත්‍යන්තර කොළඹ තේ සමුළුව රටවල් 300කට ආසන්න විදේශ නියෝජිත පිරිසකගේ සහ දේශීය නියෝජිතයින්ගේ ද සහභාගීත්වයෙන් ලබන අගෝස්තු මස 08 දින සිට 11 දින දක්වා කොළඹදී පැවැත්වීමට නියමිතය. මෙහිදී ගෝලීය තේ වෙළඳපොළ තුළ හා ජාත්‍යන්තර මට්ටමේ ව්‍යාපාර තුළ පුළුල් පරාසයක පළපුරුද්ද සහ අත්දැකීම් සපිරුණු කීර්තිමත් විද්වත් පුද්ගලයන් විසින් මෙහෙයවන වැඩමුළු පැවැත්වීමට නියමිතය.
Plantation Sri Lanka 2017 ප‍්‍රදර්ශනය අගෝස්තු මස 11 සිට 13 වන දින දක්වා සිරිමාවෝ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ දී පැවැත්වීමට නියමිතය. මෙමගින් දේශීය මෙන්ම විදේශීය තේ අපනයනකරුවන්, නිෂ්පාදකයන් සහ තේ කර්මාන්තයේ සේවා සපයන්නන් හට තම භාණ්ඩ හා සේවා ප‍්‍රදර්ශනය කිරීමට අවකාශ ලබා දෙන අතර, දේශීය සහ විදේශීය නරඹන්නන් හා ගැනුම්කරුවන් සඳහා මෙම ප්‍රදර්ශනය විවෘත වනු ඇත.
එමෙන් ම මීට සමඟාමී ලෙසින් සෑම කලාපයක ම සියලූ අංශ ආවරණය වන පරිදි තේ කර්මාන්තයේ විශේෂ දක්‍ෂතා පෙන්වූ පාර්ශවකරුවන් හඳුනාගෙන ඔවුන් ඇගයීමේ අරමුණ පෙරදැරිව සම්මාන උළෙලක් පැවැත්වීමට ද මෙම කාලසීමාව තුළ අපේක්‍ෂා කෙරේ. මෙහිදී තේ දළු නෙලීම, තේ රස බැලීම, විශිෂ්ට නිෂ්පාදන ක‍්‍රමවේද භාවිතය, තේ මිශ‍්‍රකිරීම සහ නිර්මාණශීලී සොයාගැනීම් වැනි තවත් විවිධ වූ අංශ සඳහා සම්මාන ද පිරිනැමෙනු ඇත.
මෙම වැඩසටහනට සමඟාමී ව තේ කර්මාන්තයේ ඉතිහාසයට බෙහෙවින් අදාළ වන ඓතිහාසික මහනුවර නගරයේ පිහිටා ඇති, සිලෝන් තේ කෞතුකාගාරය වැඩිදියුණු කිරීම සඳහා ද විශේෂ පියවර රැසක් ගැනීමට නියමිත වේ.
වසර එකසිය පනක් පුරා අපේ රටේ හද්දාපිටිසර ගමේ ගොඩේ සයිමන් අයියාගේ ඥානවතීගේ පටන් මහමැදුරේ මහ ධන කුවේරයා දක්වා තේ කෝප්පයකින් විඩාව නොනිවා ගත් මේ රටේ උපන් කෙනෙක් අප මහ පොළොවේ සිටිය නොහැක. දුගී පැළට රජගෙදරට ආවගිය ආගන්තුකයාගේ හිතෛශ්‍යී භාවය ආරක්ෂා කළ කහට කෝප්පය අපගේ සංස්කෘතියද අදටත් පෝෂණය කරන්නේ ලෝකයේ ම ආගන්තුක සත්කාරකත්වයේ ප්‍රමුඛයන් අප බව ආරක්ෂා කරමිනි. එනයින්ද ගත් කළ වාණිජ පරමාර්ථයන් ඉක්මා ගොස් අපගේ ජීවිතය හා ජානගතවී ඇති තේ කර්මාන්තය ආරක්ෂා කිරීම යුතුකමක් සහ වගකීමක් ද වන්නේය.
එනූෂා බණ්ඩාර