ජනවාරි 09, 2025
tami eng youtube  twitter facebook

    අධිවේගී FTTH බ්‍රෝඩ්බෑන්ඩ් සේවා ශී‍්‍ර ලංකාවට

    අප්‍රේල් 23, 2014


    දේශයේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්‍ෂණ විසඳුම් සැපයුම්කරු වන ශී‍්‍ර ලංකා ටෙලිකොම් සමාගම මෙරට බ්‍රෝඩ්බෑන්ඩ් පදනම වර්ධනය කරමින් හා ප‍්‍රධාන වෙළඳපොළ ආවරණය කරමින් දිවයින තුළ ප‍්‍රථම FTTH බ්‍රෝඩ්බෑන්ඩ් සේවා ආරම්භකර ඇත.


    ශී‍්‍ර ලංකා ටෙලිකොම් සමාගම, දිවයිනේ ප‍්‍රධාන සන්නිවේදන යටිතල පහසුකම් ජාල කි‍්‍රයාකරු වශයෙන්, FTTH තාක්‍ෂණය ඔස්සේ ඉතා අධිවේගී බ්‍රෝඩ්බෑන්ඩ් සේවා හඳුන්වා දුන් විට මහල් රාශියකින් සමන්විත ගොඩනැගිලි ඇතුළු නිවාස, ව්‍යාපාර, රාජ්‍ය අංශය, ප‍්‍රවාහකයින් සහ අන්තර්ජාල සැපයුම්කරුවනට තත්ත්පරයට මෙගා බයිට්ස් 100 භාගත වේගයකින් අන්තර් ජාලයට පිවිසිය හැකි බව සමාගම විශ්වාස කරයි.

    FTTH තාක්‍ෂණය පාදක කරගත් බ්‍රෝඩ්බෑන්ඩ් සේවා සහ Peo TV මගින් හයි ඩෙෆිනිෂන් ටෙලිවිෂන් සේවා වාණිජමය වශයෙන් පාරිභෝගිකයිනට හඳුන්වාදීමට පෙර ශී‍්‍ර ලංකා විදුලි සංදේශ නියාමන කොමිසන් කාර්යාලයේදී ප‍්‍රථම වරට එහි සභාපති ලලිත් වීරතුංග මහතාට සහ අධ්‍යක්‍ෂ ජනරාල් අනුෂ පැල්පිට මහතාට තත්ත්පරයට මෙගා බයිට්ස් 100 වාර්තාගත වේගයකින් ප‍්‍රදර්ශනය කරනු ලැබීය.

    FTTH  සබඳතා මගින් වෙබ් මාස්ටර්, වෙබ් චෑමීප් සහ වෙබ් ලයිෆ් ශී‍්‍ර ලංකා ටෙලිකොම් බ්‍රෝඩ්බෑන්ඩ් පැකේජ තත්ත්පරයට මෙගා බයිට්ස් 100 භාගත වේගයක්ද වෙබ් ෆැමිලි, වෙබ් සර්ෆර් සහ වෙබ්ප්‍රෝ, පැකේජ තත්පරයට මෙගා බයිට්ස් 50 භාගත වේගයක්ද සපයන අතර, දැනට සපයනු ලැබ ඇති Peo TV පැකේජ සඳහා HD නාලිකා සපයනු ඇත.

    මේ පිළිබඳ අදහස් දැක්වූ ශී‍්‍ර ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමේ සභාපති ලලිත් වීරතුංග මහතා, ශී‍්‍ර ලංකාව වෙනුවෙන් ලොව ජයග‍්‍රහණය කිරීමට බලගන්වන පුරවැසියන් නිර්මාණය කරන සහ ඔවුනට වඩාත් යහපත් අනාගතයක් සඳහා දොරගුළු විවෘත කරන යතුර තොරතුරු සන්නිවේදන තාක්‍ෂණය බවත්, වසර 150කට වැඩි සේවා කාලයක් සහිත දිවයිනේ පුරෝගාමී විදුලි සංදේශ සේවා සැපයුම්කරු වන ශී‍්‍ර ලංකා ටෙලිකොම් සමාගමේ මෙවැනි තාක්‍ෂණික වැඩි දියුණු කිරීම් නිසැකයෙන්ම රටේ සියලු පුරවැසියන්ගේ ජීවන තත්ත්වය වර්ධනය කිරීමට ආධාරවනු ඇති බවටත්, විශ්වාසය පළ කළේය.

    ජනාධිපතිතුමාගේ බලාපොරොත්තුවද රටේ සියලු ජනතාවට උසස් ජීවන තත්ත්වයක් ලබාදීමයි. විදුලි සංදේශ ක්ෂේත‍්‍රය ප‍්‍රාසාංගික හා සමාජ අන්තර් කි‍්‍රයාකාරිත්වයට පමණක් නො ව අධ්‍යාපනික අරමුණු සඳහාද අත්‍යවශ්‍ය ප‍්‍රධාන සාධකයකි. තොරතුරු සන්නිවේදන තාක්‍ෂණ ක්ෂේත‍්‍රයේ සිදුවන්නා වු මෙම සියලු සංවර්ධනයන් ශී‍්‍ර ලංකාවට දැනුම පිළිබඳ කේන්ද්‍රස්ථානයක් බවට පත් වීමට සහය වන බැවින් මෙරට අධිවේගී බ්‍රෝඩ්බෑන්ඩ් සංවර්ධනය වෙනුවෙන් ශී‍්‍ර ලංකා ටෙලිකොම් සමාගමට සුබ පතන බවත් වීරතුංග මහතා පැවසීය.

    රටක යටිතල පහසුකම් ජාලය එහි අතිශයින්ම වැදගත් වත්කමක් වන බැවින් උපරිම ප‍්‍රතිඵල අත්කර ගැනීමට එය උපයෝගි කරගතයුතු බව ශී‍්‍ර ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් අනුෂ පැල්පිට මහතා පැවසීය. අද ලොව වටා දත්ත සඳහා පවතින ඉල්ලුම වර්ධනය වෙමින් පවතී. ඇතැම් විට ශී‍්‍ර ලංකාවේ විදුලි සංදේශ කර්මාන්තය ගෝලීය ආර්ථිකය තුළ වේගවත්ම පරිවර්තනයක් අත්විඳින්නක් විය හැකිය. රටතුළ සංවර්ධනයක් ඇතිවෙමින් පවතින මෙවැනි අවධියක කර්මාන්තමය මට්ටමේ සංවර්ධනයකට ශී‍්‍ර ලංකා ටෙලිකොම්හි සකී‍්‍රය දායකත්වය බෙහෙවින්ම අවශ්‍ය කරයි. ශී‍්‍ර ලංකා ටෙලිකොම් සමාගම  FTTH තාක්‍ෂණ ව්‍යාප්ත කිරීම ශී‍්‍ර ලංකා විදුලි සංදේශ ක්‍ෂෙත‍්‍රයේ ඉතා වැදගත් හැරවුම් ලක්‍ෂ්‍යයක් වෙතැයි විශ්වාස කරන බව ප‍්‍රකාශ කළ අනුෂ පැල්පිට මහතා සමස්ත කර්මාන්තයේම ප‍්‍රගතිය වෙනුවෙන් අති නවීන තොරතුරු සන්වේදන තාක්‍ෂණය යොදාගැනීමේ උත්සාහය වෙනුවෙන් ශී‍්‍ර ලංකා ටෙලිකොම් සමාගමට ප‍්‍රශංසා කළේය.

    මෙහිදි අදහස් දැක්වු ශී‍්‍ර ලංකා ටෙලිකොම් සමූහ ප‍්‍රධාන විධායක නිලධාරි ලලිත්ද සිල්වා මහතා, වසර 150කට වැඩි කාලයක් මුළුල්ලේ දේශයට විදුලි සංදේශ පහසුකම් සපයා ඇති ශී‍්‍ර ලංකා ටෙලිකොම් ආයතනය මෙරට ඇතිවන්නාවු ආර්ථික සහ සාමාජික සංවර්ධනයට අනුරූපව දිනෙන් දින වැඩිවන පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම සඳහා ජාත්‍යන්තර මට්ටමේ  FTTH තාක්‍ෂණය හඳුන්වාදීමේ අවස්ථාව මෙරට විදුලි සංදේශ ක්ෂේත‍්‍රයේ ඓතිහාසික අවස්ථාවක් බව පැවසීය. ශී‍්‍ර ලංකා ටෙලිකොම්හි ෆයිබර් ඔප්ටික් පාදක කරගත් අධිවේගී බ්‍රෝඩ්බෑන්ඩ් ව්‍යාප්ත කිරීමේ සැලසුම් දැන් ශී‍්‍ර ලාංකීයයනට බාධා රහිත අධිවේගයකින් අසමසම අන්තර්ජාල සේවා පමණක් නොව රූපවාහිනි සේවාවන්ද සැපයීමට සුදානමින් ඇත. අනාගතය කේන්ද්‍රීය කරගත් ආයෝජන සහතික කරමින් පාරිභෝගික අත් දැකීම් තව තවත් වර්ධනය කිරීම සඳහා ශී‍්‍ර ලංකා ටෙලිකොම් සමාගම දිගින් දිගටම VDSL2, ADSL2 සහ FTTHසේවා ව්‍යාප්ත කරනු ලැබේ.

    තවදුරටත් අදහස් දැක්වූ ලලිත්ද සිල්වා මහතා තොරතුරු සන්නිවේදන තාක්‍ෂණ ක්ෂේත‍්‍රයේ ශී‍්‍ර ලංකා ටෙලිකොම් නායකත්වයට ඉතා ඉහළ පිළිගැනීමක් ඇති බවත්, ව්‍යාවසායකයින්, රජයේ ආයතන, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් සහ සියලු ම පාරිභෝගිකයිනටත්, විශේෂයෙන් ම අනෙකුත් විදුලි සංදේශ සේවා සැපයුම්කරුවනටත් සමාගම අඛණ්ඩව හොඳම සේවා සපයන බවත් පැවසීය. අද වනවිට නිවාස ලක්‍ෂ පහක් පමණ එස්.එල්.ටී. බ්‍රෝඩ්බෑන්ඩ් සේවා සමඟ සම්බන්ධ වී සිටින අතර, අනාගතයේදී ලොව විශ්වාසනීයම ප‍්‍රකාශ තන්තු සබඳතා ඔවුනගේ නිවසටම හෝ ගොඩනැගිල්ලටම සපයමින් අධිවේගී තාක්‍ෂණය තුළින් පාරිභෝගිකයිනට අසීමිත අවස්ථාවන් ඇති කිරීමටද හැකියාවන් වර්ධනය කිරීමටද ශී‍්‍ර ලංකා ටෙලිකොම් සමාගම අපේක්‍ෂා කරයි. එසේම ශී‍්‍ර ලංකික ජනතාවගේ ජීවන තත්ත්වය වර්ධනය කිරීමේ අරමුණින් බ්‍රෝඩ්බෑන්ඩ් පහසුකම් ව්‍යාප්ත කිරීමේ ශී‍්‍ර ලංකා රජයේ දැක්මට පූර්ණ අනුග‍්‍රහය දක්වන ශී‍්‍ර ලංකා ටෙලිකොම් සමාගම මෙරට ඩිජිටල් ආර්ථිකයක් සමඟ සමෘද්ධිමත් ශී‍්‍ර ලංකාවක් බිහි කිරීමේ අරමුණ යථාර්ථයක් කරනු පිණිස මෙවැනි ව්‍යාපෘති කඩිනම් කරනු ලැබේ.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya