නමුත් ජනාධිපතිතුමාගේ ‘මහින්ද චින්තන ඉදිරි දැක්ම’ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය සඵල කරමින් ක්ෂිතිජයෙන් එහා දැකිය හැකි විද්වතකු සරසවියෙන් බිහි කිරීමට අවශ්‍ය වටපිටාව සැකසීමේ වගකීම උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මැතිතුමා භාර ගත්තේ ය.
ගමේ කුඹුරේ, හේනේ නියරේ මෙන් ම පුංචි පැල්පතේ ද හද ගැස්ම හඳුනන එතුමා සරසවි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ හදගැස්ම ද හඳුනන්නෙකි. වරෙක ශිෂ්‍ය නායකයෙක් ලෙස ශිෂ්‍ය ව්‍යාපාරය මෙහෙය වූ එතුමා ශිෂ්‍ය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටියේ ය. එබැවින් ම දෙමාපියන් සහ සරසවි ශිෂ්‍ය ශිෂ්‍යාවන් විඳින නේවාසිකාගාර වදයට ස්ථිරසාර විසඳුමක් ඉදිරිපත් කිරීමට එතුමා සිසුන් 24000කට එකවර පහසුකම් සැලසිය හැකි අවුරුදු දෙකක් වැනි කෙටි කාලකින් අවසන් කළ හැකි නේවාසිකාගාර 60 ව්‍යාපෘතිය ආරම්භ කරන්නට තීරණය කළේ ය.
වර්ෂ 2009 වනවිට සිසුන් 21000ක් ඇතුළත්කර ගත් සරසවි පද්ධතියට 2014 වනවිට සිසුන් 26000ක් ඇතුළත් කරගැනීමට අපේක්ෂා කෙරේ. ජනාධිපති ශිෂ්‍යත්ව යටතේ විදේශ සිසුන් 100කට ද වසරක් පාසා නේවාසික පහසුකම් සහිත ව ශිෂ්‍යත්ව පිරි නැමේ. මෙයින් එකවර සිසුන් 24000කට නේවාසික පහසුකම් සපයන මෙම දැවැන්ත ව්‍යාපෘතිය විශ්වවිද්‍යාල ඉතිහාසයේ සුවිශාල ම ව්‍යාපෘතිය බවට පත්වනු ඇත. මහල් හතරකින් යුක්ත එක් ගොඩනැඟිල්ල බැගින් ඉදිවෙන මෙම නේවාසිකාගාරයන්හි පොදු මුළුතැන්ගෙයක්, නවීනත ම පහසුකම් සහිත ව නාන කාමර සහ වැසිකිලි පද්ධති දෙකක්, පොදු අධ්‍යයන ශාලා පහසුකම් සහිතව ඉදි කිරීමට නියමිත ය.

එස්.බී. දිසානායක අමාත්‍යතුමාගේ නොසැලෙන ධෛර්යය සහ උට්ඨාන වීර්යය හමුවේ සරසවි ඉතිහාසයේ දැවැන්ත ම නේවාසිකාගාර ව්‍යාපෘතිය මල්ඵල දරන්නට මූලික ම හේතුව වූ බැව් සඳහන් කළ මනා ය. සමස්තය දෙස නොබලා එක් පුංචි රොඩුවක් සමස්තය ලෙස දකින කුහක දේශපාලන හෙංචයියන්ට නම් සංවර්ධන ව්‍යාපෘතිය පිළිබඳ ව ද දහසකුත් එකක් ගැටලු තිබෙන බව නොකිව මනා ය. නමුත් සියලු බාධක, තහංචි සහ ශිෂ්‍ය දේශපාලනය මුවාවෙන් අංචි අදින ඇතැම් පුද්ගලයන්ගේ රැවුම් ගෙරවුම් මැද සරසවියට සුභ ආරංචියක් ලෙස ගෙනා මෙම නේවාසිකාගාර 60 ව්‍යාපෘතිය උසස් අධ්‍යාපන අමාත්‍යංශය වශයෙන් අපත් විශ්වවිද්‍යාල ප‍්‍රජාවත් අවසාන වශයෙන් සමස්ත ජාතියත් ලද ජයග‍්‍රහණයක් ලෙස සනිටුහන් කිරීම වැරදි නො වේ.