කෘෂිකර්මාන්තය පදනම් කරගත් ආර්ථිකයක් හිමි ඇඹිලිපිටිය නගරය සබරගමු පළාතේ, දකුණු පළාතට මායිම් ව පිහිටි සුවිශේෂි ආර්ථික මධ්‍යස්ථානයක් ලෙස හඳුනාගෙන ඇත.
ප‍්‍රදේශයේ ගොවි ජනතාවගේ අස්වැන්න රට පුරා බෙදාහරින ප‍්‍රධාන මධ්‍යස්ථානය ද මෙයයි. ඒ අනුව ග‍්‍රාමීය ජන ජීවිතය වඩාත් සියුම් ලෙස ස්පර්ශ කරමින් කෘෂි ආර්ථික සංවර්ධනයට රුකුලක් දෙමින්, අඩු පහසුකම් හා විවිධ අවහිරතා මධ්‍යයේ කි‍්‍රයාත්මක වූ ඇඹිලිපිටිය පොළ සංවර්ධනය කිරීමේ වගකීම නාගරික සංවර්ධන අධිකාරිය වෙත පැවරිණි.
මේ අනුව ඉදිකෙරුණු මෙම ජනතා පොළ ඊයේ (03) ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සුරතින් ජනතා අයිතියට පත්වන්නේ මේ වන විට ලංකාවේ ඉදිවූ විශාලතම පොළ ලෙසිනි. නවීන අංග උපාංගයන්ගෙන් සමන්විත ව ඉදි වූ මෙහි ව්‍යාපාරික කටයුතු මෙන් ම බහුකාර්ය වැඩ කටයුතු සඳහා යොදා ගත හැකි ලෙස විශේෂ වේදිකා සහිත ව ගොඩනැගිලි 03ක් මෙහි ඉදිකර ඇත.

මේ සඳහා නාගරික සංවර්ධන අධිකාරිය මගින් රුපියල් මිලියන 150ක මුදලක් වැය කර ඇති අතර රථගාල්, සනීපාරක්‍ෂක පහසුකම් හා පොළ භූමිය ආශ‍්‍රිත මාර්ග ද මේ වන විට සංවර්ධනය කර ඇත. මේ සඳහා විදුලිබල පද්ධතියක් ඇතත් සූර්ය කෝෂ උපයෝගී කර ගනිමින් විදුලිය උත්පාදනය කර ගැනීමට මෙහි කටයුතු යොදා තිබීමයි. විදුලි පරිභෝජනය සඳහා වියදම් කිරීමට සිදුවන විශාල මුදලක් එමගින් ඉතිරි කර ගත හැකිවේ. පෙර නොවූ විරු ආකාරයෙන් සබරගමු පළාත සංවර්ධනය වෙමින් පවති. පශ්චාත් යුද සමයෙන් පසු කොළඹ නගර සංවර්ධනයට මෙන් ම රට අභ්‍යන්තරයේ නගර සංවර්ධනය කෙරෙහි ද රජය සුවිශේෂී අවධානයක් යොමු කර ඇත.
"මහින්ද චින්තන ඉදිරිදැක්ම" යථාර්ථයක් කරමින් මෙම සංවර්ධන ව්‍යාපෘති කි‍්‍රයාත්මක වේ. මේ අනුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ උපදෙස් මත සමාජ ප‍්‍රමුඛතාව, පාරිසරික තත්වය, ප‍්‍රජාවගේ ද අදහස් සමගින් ඇඹිලිපිටිය නගරය වඩාත් සංවිධානාත්මක සංවර්ධන ආකෘතියක් යටතේ නිර්මාණය කිරීමට හැකියාව ලැබී ඇත.
මේ අනුව කෘෂි කාර්මික ප‍්‍රදේශයන් හි ජීවත්වන ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කරලීම හා උපාය මාර්ගික ආදායම් උත්පාදක මාර්ග වර්ධනය කිරීම ද මෙම සංවර්ධන ව්‍යාපෘතියේ තවත් ප‍්‍රධාන අරමුණකි.
මෙම දැවැන්ත සංවර්ධන කි‍්‍රයාන්විතයේ දී සුවිශේෂී කාර්ය භාරයක් ඉටු කරනු ලැබු තවත් පිරිසක් වේ. එනම් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව ඔවුන්ගේ ශ‍්‍රමය හා නිර්මාණශීලී ශක්තිය ද උපයෝගී කර ගනිමින් සියලු ඉදිකිරීම් සඳහා අවශ්‍ය ශ‍්‍රම දායකත්වය ලබා දී ඇත. නාගරික සංවර්ධන ව්‍යාපෘතියක දී ගුවන් හමුදාවේ ශ‍්‍රම දායකත්වය ලබා
දෙනු ලැබු ප‍්‍රථම ව්‍යාපෘතිය මෙය වේ.
නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමල් පෙරේරා, අධ්‍යක්‍ෂ ජනරාල් හර්ෂාන් ද සිල්වා, අතිරේක අධ්‍යක්‍ෂ ජනරාල් බි‍්‍රගේඩියර් සමන්ත ජයසුන්දර යන මහත්වරුන්ගේ මෙහෙයවීමට යටතේ මේ දැවැන්ත සංවර්ධන කාර්යය ප‍්‍රදේශයේ පළාත් පාලන ආයතනයන්ගේ ද සහයෝගය ලබා ගනිමින් කි‍්‍රයාත්මක කරනු
ලැබීය.
- නාගරික සංවර්ධන අධිකාරිය -