ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    සරච්චන්ද්‍ර නාට්‍ය පුහුණු පාසල හා නාට්‍ය පිළිබඳ පර්යේෂණ ආයතනය විවෘත වේ

    මාර්තු 11, 2015
    සරච්චන්ද්‍ර නාට්‍ය පුහුණු පාසල හා නාට්‍ය පිළිබඳ පර්යේෂණ ආයතනය අද (11) සංස්කෘතික කටයුතු රාජ්‍ය අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක මහතා අතින් බත්තරමුල්ල, තලංගම පොලිසිය පාරේ හීනටිකුඹුරේ දී විවෘත කෙරේ.
     
    මෙම නාට්‍ය පුහුණු පාසල, ශ්‍රී ලාංකේය නාට්‍ය කලාවට අනුපමය සේවයක් කළ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර ශූරීන්ට උපහාර පිණිස ඔහුගේ නමින් නම් කිරීමට කටයුතු කෙරේ.
     
    ශ්‍රී ලාංකේය කලා ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීමේ රජයේ මූලික අරමුණ පෙරදැරිව , මෙතෙක් නාට්‍යකරුවන්ට බලවත් අඩුවක් ව පැවැති නාට්‍ය පුහුණු පාසැල හා නාට්‍ය පිළිබඳ පර්යේෂණ ආයතනය පිහිටුවීමට සංස්කෘතික කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව පියවර ගත්තේය.
     
    මෙම අවස්ථාවට ලලිතා සරච්චන්ද්‍ර මහත්මිය ඇතුළු කලාකරුවන් රැසක් සහභාගිවීමට නියමිතය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya