ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    අන්තර් රෙජිමේන්තු සරඹ හා තූර්ය වාදක තරගාවලියේ ත්‍යාග ප්‍රදානය

    මාර්තු 12, 2015
    ශ්‍රී ලංකා යුද හමුදාවේ වඩාත් වර්ණවත්, දැකුම්කළු අංගයක් වන අන්තර් රෙජිමේන්තු සරඹ හා තූර්ය වාදක තරගාවලියේ අවසන් අදියර පසුගියදා පනාගොඩ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා රෙජිමේන්තු ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි. මෙහිදී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිශාන්ත ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් විශාල පිරිසක් මධ්‍යයේ ජයග්‍රාහකයන් සහ සහභාගී වූවන් සඳහා කුසලාන හා සහතිකපත් ප්‍රදානය කෙරිණි.
     
     
    වර්ණවත් සරඹ සංදර්ශනයෙන් යුද හමුදා සමාජිකයන්ගේ විනයගරුකභාවය මැනවින් පිළිඹිබු කෙරුණු අතරම, මෙම අවස්ථාව නැරඹීම සදහා අතිවිශාල යුද හමුදා සාමාජිකයන් පිරිසක් ද සහභාගි වූහ.
     
    මෙහිදී ජයග්‍රාහී කණ්ඩායම් සහ අනෙකුත් කණ්ඩායම් වර්ණවත් ඇඳුමින් සැරසී නරඹන්නන්ගේ ඔල්වරසන් මධ්‍යයේ තම දක්ෂතා ඉදිරිපත් කරනු ලැබූ අතරම උළෙලේ උච්චතම අවස්ථාව සනිටුහන් කරමින් හොඳම කණ්ඩායම, හොඳම කාණ්ඩභාර නිලධාරී, හොඳම සරඹ ඉදිරිපත් කරන්නා සහ හොඳම සරඹ ඉදිරිපත් කරන්නිය සඳහා කුසලාන, පදක්කම් සහ සහතිකපත් පිරිනමනු ලැබීය.
     
    යුද හමුදාපතිතුමා අයත් බලකාය වන ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා  කණ්ඩායම අන්තර් රෙජිමේන්තු සරඹ තරගාවලියේ ප්‍රථම ස්ථානය දිනාගත් අතර ම අනුපිළිවෙලින් දෙවන සහ තුන්වන ස්ථානයන් ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා කණ්ඩායම සහ ජාතික ආරක්ෂක බලමුළු කණ්ඩායම විසින් හිමිකර ගන්නා ලදී.  
     
    ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකා කණ්ඩායම සහ යුද හමුදා වෛද්‍ය බලකා කාන්තා කණ්ඩායම අතර පැවති තියුණු තරගයකින් අනතුරුව ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකාය  කාන්තා අංශයේ ප්‍රථම ස්ථානය දිනා ගනු ලැබීය.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya