ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    2015 ජාතික වෙසක් උත්සවය මහියංගනයේ දී

    මාර්තු 31, 2015

    මෙවර වෙසක් උත්සවය උත්කර්ෂවත්ව පැවැත්වීමට රජය විධිවිධාන යොදා ඇත. ඒ සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් සමඟ සාකච්ඡාවක් මහියංගන රජමහා විහාරස්ථානයේ දී පසුගියදා පැවැත්වූ අතර මේ සඳහා කැබිනට් අනුකාරක සභවක් ද පත් කර තිබේ.

     

    ප්‍රධාන වෙසක් උත්සවය ඓතිහාසික මහියංගන පුදබිම කේන්ද්‍ර කරගනිමින් පැවැත්වේ. ඊට සමඟාමීව දිවයින පුරා වෙසක් උත්සව පැවැත්වීමට ද කටයුතු යොදා ඇතැයි බුද්ධශාසන කටයුතු භාර අමාත්‍ය කරූ ජයසූරිය මහතා එහිදී ප්‍රකාශ කර තිබේ.

     

    ජ්‍යෙෂ්ඨ අස්ගිරි කාරක සංඝ සභාවේ ලේඛකාධිකාරී හා මහියංගන රජමහා විහාරස්ථානයේ විහාරාධිපති උරුලෑවත්තේ ධම්මරඛ්ඛිත හිමිපාණන්ගේ මඟ පෙන්වීම යටතේ මෙම වැඩ කටයුතු සිදු කරනු ලැබේ.

     

    මෙම අවස්ථාව ජාතික රූපවාහිනිය මගින් සජීවීව විකාශනය කිරීමට ද මේ වන විට කටයුතු සම්පාදනය කරමින් පවතියි.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya