ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    2014 - රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙල ලබන 07දා

    අප්‍රේල් 03, 2015

    2014 - රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙල ලබන 07 වෙනි දින ප.ව.6.00ට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් හා හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගේ සහභාගිත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත‍්‍රණ ශාලාවේ දී පැවැත්වේ.


    රූපවාහිනී නිර්මාණ ක්ෂේත‍්‍රයේ ගුණාත්මක වර්ධනයක් ඇති කිරීම හා එම ක්ෂේත‍්‍රයේ නියැලී සිටින නිර්මාණකරුවන් රාජ්‍ය මට්ටමෙන් අගය කිරීමේ අරමුණින් පැවැත්වෙන මෙම සම්මාන උළෙල සංස්කෘතික කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මඟින් පවත්වනු ලැබේ.

    11 වෙනි වරටත් පවත්වනු ලබන මෙම සම්මාන උළෙල රූපවාහිනී නිර්මාණ ක්ෂේත‍්‍රයේ විශිෂ්ට කුසලතා දක්වන ලද නිර්මාණකරුවන් රාජ්‍ය මට්ටමෙන් ඇගයීමට ලක් කරන එකම සම්මාන උළෙල වීම විශේෂත්වයකි.

    2013 වසරේ රූපවාහිනී නාලිකා මඟින් විකාශනය කරන ලද හොඳම රූපවාහිනී ප‍්‍රසාංගික නාට්‍ය, හොඳම රූපවාහිනී ඒකාංගික නාට්‍ය, හොඳම රුපවාහිනී නළුවා හා නිළිය, හොඳම රූපවාහිනී ප‍්‍රසාංගික නාට්‍ය අධ්‍යක්ෂ, හොඳම රූපවාහිනී ප‍්‍රවෘත්ති වාර්තාකරණය, හොඳම රූපවාහිනී ප‍්‍රවෘත්ති නිවේදක, හොඳම රූපවාහිනී ඒකාංගික නාට්‍ය, හොඳම රූපවාහිනී සංගීත වැඩසටහන, හොඳම රූපවාහිනී සඟරාමය වැඩසටහන ආදී අංශ 33ක විශිෂ්ටයන් මෙහිදී සම්මානයෙන් පිදුම් ලැබීමට නියමිතයි.

    2013 වසරේ දෙසැම්බර් මස 31 දිනට විකාශනය කර අවසන් වූ රූපවාහිනී වැඩසටහන් හා නිර්මාණ මේ සඳහා ඉදිරිපත් කළ අතර ඒ අතුරෙන් ප‍්‍රවීන, ස්වාධීන විනිශ්චය මණ්ඩලයක් මගින් තෝරා ගන්නා ලද නිර්මාණ මේ සඳහා තෝරා ගැණිනි.

    මෙම උළෙලට සමඟාමී ව රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙල වෙනුවෙන් නිකුත් කරනු ලබන රූපවාහිනී සමීක්ෂා ග‍්‍රන්ථයේ 8 වෙනි කලාපය එළිදැක්වීම ද එදින සිදු කෙරේ.

    මෙම අවස්ථාවට සංස්කෘතික කටයුතු රාජ්‍ය අමාත්‍ය නන්දිමිත‍්‍ර ඒකනායක මහතා ඇතුළු මැති ඇමතිවරුන් රැසක් සහභාගී වීමට නියමිතයි.

    DM

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya