ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    "අරුණෝදය" ළමා ගී සංයුක්ත තැටිය එළිදැක්වීමේ උළෙල 09දා

    අප්‍රේල් 06, 2015
    දිවයින පුරා විසිරී සිටින ගීත ගායනයේ සහජ දක්ෂතා ඇති දරුවන් ජාතික මට්ටමට හදුන්වා දෙමින් ඔවුනට එම ක්ෂේත්‍රයේ දොරටු විවර කර දීමේ අරමුණ ඇති ව සංස්කෘතික කටයුතු  දෙපාර්තමේන්තුව විසින් නිෂ්පාදනය කරනු ලබන "අරුණෝදය" ළමා ගී සංයුක්ත තැටි මාලාවේ 2015 වර්ෂයට අදාළ සංයුක්ත තැටිය එළිදැක්වීමේ උළෙල 09දා පස්වරු 4.00 ට සංස්කෘතික කටයුතු රාජ්‍ය අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් මරදාන, ටවර් රඟහලේ දී  පැවැත්වේ.
     
    ජාතික සාහිත්‍ය තරගාවලියේ දී පද්‍ය ගායනා ප්‍රථම ස්ථාන හිමිකරගත්  සිංහල, දමිළ දූ දරුවන් 15 දෙනෙක්  අරුණෝදය 2015 ළමා ගී සංයුක්ත තැටිය සඳහා ගීත ගායනා කරති.
     
    අලුත් අවුරුද්ද ළමා ඇසින් දැකීම තේමාව යටතේ ප්‍රවීණ ගේය පදරචකයන් වන රත්න ශ්‍රී විජේසිංහ, ජයම්පති අල්ගම, මහින්ද චන්ද්‍රසේකර, රවී සිරිවර්ධන, යමුනා මාලනී පෙරේරා, ස්වරශනී ආදීහු පද රචනයෙන් ද රෝහණ වීරසිංහ, ජානක ෆොන්සේකා, සුනිල් දයානන්ද කෝනාර,  කරුණාරත්න විජේවර්ධන, මහින්ද බණ්ඩාර, කෝලිත භානූ දිසානායක ආදී සංගීතවේදීහු ගී තනු නිර්මාණයෙන් දායක වෙති.  
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya