ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් පසුගිය සියවසේ මේ රටේ බිහිවූ ශ්‍රේෂ්ඨතම ලාංකික පුත්‍ර‍යෙක්

    අප්‍රේල් 06, 2015
    සිය ජීවන මගේ අනූහය වැනි ජන්ම දිනයට පා තැබූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා පසුගිය සියවසේ මේ රටේ බිහිවූ ශ්‍රේෂ්ඨතම ලාංකික පුත්‍ර‍යෙකු බව ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.
     
    අමාත්‍යවරයා මේ බව පැවසුවේ, දැනට වයෝවෘද්ධව පසුවන ප්‍රවීණතම චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ ජන්ම දිනයට සුබපැතුම් එක්කිරීමට ඒ මහතා පදිංචිව සිටින කොළඹ 5, ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මාවතේ පිහිටි ඒ මහතාගේ නිවෙසට පැමිණ සුබපැතීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් අමතා කළ කතාවේදීය.
     
    උපන් දින කේක් ගෙඩිය කැපී‍මේ අවස්ථාවටද එක්වූ අමාත්‍යවරයා ලෙස්ටර් ‍ජේම්ස් පීරිස් මහතා වෙත මුදල් චෙක්පතක් ද පරිත්‍යාග කෙළේය.
     
    සුමිත්‍රා පීරිස් මහත්මිය, චිත්‍රපට සංස්ථාවේ සභාපති දීපාල් චන්ද්‍රරත්න, ප්‍රවීණ කලාකරු විජේරත්න වරකාගොඩ මහත්වරු ඇතුළු කලාකරුවෝ පිරිසක් ද මෙම අවස්ථාවට එක්වී සිටියහ.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya