ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙල අද

    අප්‍රේල් 07, 2015
    2014 රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙල අද (07) පස්වරු 6.00 ට කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්  හා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක  කුමාරතුංග මහත්මියගේ සහභාගිත්වයෙන් පැවැත්වේ. 
                                                         
    රූපවාහිනී නිර්මාණ ක්ෂේත්‍රයේ විශිෂ්ට කුසලතා දක්වන ලද නිර්මාණකරුවන් රාජ්‍ය මට්ටමෙන් ඇගයීමට ලක් කිරිම සඳහා පවත්වනු ලබන එකම සම්මාන උළෙල මෙය වෙයි.             .
     
    මෙහිදී  2013 වර්ෂයේ රුපවාහිනී නාලිකා මගින් විකාශය කරන ලද  හොඳම රූපවාහිනී ප්‍රසාංගික නාට්‍යය , හොඳම රූපවාහිනී ඒකාංගික නාට්‍යය, හොඳම රූපවාහිනී නළුවා, හොඳම රූපවාහිනී නිළිය, හොඳම රූපවාහිනී ප්‍රසාංගික  නාට්‍යය අධ්‍යක්ෂක, හොඳම රූපවාහිනී ප්‍රවෘත්ති වාර්තාකරණය, හොඳම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදක, හොඳම රූපවාහිනී ඒකාංගික නාට්‍යය, හොඳම රූපවාහිනී සංගීත වැඩසටහන, හොඳම රූපවාහිනී සගරාමය වැඩසටහන ආදී අංශ 33ක විශිෂ්ටයන් සම්මානයෙන් පිදුම් ලැබීමට නියමිතය. 
     
    රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙල වෙනුවෙන් නිකුත් කරනු ලබන රූපවාහිනී සමීක්ෂා ග්‍රන්ථයේ 8 වන කලාපය එළිදැක්වීම ද මෙම අවස්ථාවට සමඟාමීව සිදු කෙරේ.
     
    සියලු රූපවාහිනී නාලිකාවලින් 2013 වර්ෂයේ  දෙසැම්බර් 31 වන දිනට විකාශන කර අවසන් වූ රූපවාහිනී නිර්මාණ හා වැඩසටහන් මෙම උළෙල සඳහා සලකා බැලීමට ඉදිරිපත් වී තිබූ අතර එම නිර්මාණ අතුරෙන් ප්‍රවීණ ස්වාධීන විනිශ්චය මණ්ඩලයක් මගින් සම්මානනීය නිර්මාණ තෝරාගෙන ඇත.
     
    මෙම අවස්ථාවට සංස්කෘතික කටයුතු රාජ්‍ය අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක මහතා ඇතුළු මැති ඇමතිවරු රැසක් සහභාගීවීමට නියමිතය.      
               
    රූපවාහිනී නිර්මාණ ක්ෂේත්‍රයේ ගුණාත්මක වර්ධනයක් ඇති කිරීම හා එම ක්ෂේත්‍රයේ නියලී සිටින නිර්මාණකරුවන් රාජ්‍ය මට්ටමෙන් අගය කිරීමේ අරමුණෙන් සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගින් රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙල 11 වන වරට පවත්වනු ලබයි.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya