ජාතික සාහිත්‍ය තරගාවලියේ දී පද්‍ය ගායනා ප්‍රථම ස්ථාන හිමිකරගත් සිංහල, දමිළ දූ දරුවන් 15 දෙනෙක් අරුණෝදය
2015 ළමා ගී සංයුක්ත තැටිය සඳහා ගීත ගායනා කරති.
අලුත් අවුරුද්ද ළමා ඇසින් දැකීම තේමාව යටතේ ප්‍රවීණ ගේය පදරචකයන් වන රත්න ශ්‍රී විජේසිංහ, ජයම්පති අල්ගම, මහින්ද චන්ද්‍රසේකර, රවී සිරිවර්ධන, යමුනා මාලනී පෙරේරා, ස්වරශනී ආදීහු පද රචනයෙන් ද රෝහණ වීරසිංහ, ජානක ෆොන්සේකා, සුනිල් දයානන්ද කෝනාර, කරුණාරත්න විජේවර්ධන, මහින්ද බණ්ඩාර, කෝලිත භානූ දිසානායක ආදී සංගීතවේදීහු ගී තනු නිර්මාණයෙන් දායක වෙති.
දිවයින පුරා විසිරී සිටින ගීත ගායනයේ සහජ දක්ෂතා ඇති දරුවන් ජාතික මට්ටමට හදුන්වා දෙමින් ඔවුනට එම ක්ෂේත්රයේ දොරටු විවර කර දීමේ අරමුණ ඇති ව මෙලෙස සංයුක්ති තැටියක් නිර්මාණය කිරීම සිදු කෙරේ.
DB