ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    2015 ලෝක නර්තන දින සැමරුම් උළෙල අප්‍රේල් 29 දා

    අප්‍රේල් 27, 2015
    "2015 ලෝක නර්තන දින සැමරුම් උළෙල" 29දා ‍පෙ.ව. 10.00 ට මාතලේ, සංචාරක හෝටල් ශ්‍රවණාගාරයේ දී සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
     
    මෙවර ලෝක නර්තන දින සැමරුම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ නර්තන කලාවට අනුපමේය සේවයක් කළ නර්තන ශිල්පීන් 55 දෙනෙකුට ගෞරව උපහාර පිරිනැමීම හා මාතලේ දිස්ත්‍රික්කයේ කලාකරුවන්ට කලාකරු හැදුනුම්පත් ප්‍රදානය කිරීමට නියමිත අතර මහාචාර්ය ආරියරත්න කළුආරච්චි මහතා විසින් පවත්වනු ලබන විශේෂ දේශනයක් හා  නර්තන ප්‍රසංගයක් ද පැවැත්වේ. 
     
    එදින පස්වරුවේ මාතලේ ඓතිහාසික අලුවිහාරස්ථාන භූමියේ දී  රටට සෙත්පතා කොහොඹා යක් කංකාරිය  ශාන්ති කර්මය පැවැත්වීමට ද නියමිතය.
     
    ලෝක නර්තන දින සැමරුම් උළෙල සංස්කෘතික කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ  රාජ්‍ය නර්තන හා මුද්‍රා නාට්‍ය  අනු මණ්ඩලය එක්ව සංවිධානය කරනු ලබයි.
     
    නර්තන ශිල්පීන්ගේ සේවාව අගය කිරීම හා සැමරීම උදෙසා 1982 වර්ෂයේ දී යුනෙස්කෝ ආයතනය විසින් ලෝක නර්තන දිනය ලෙස අප්‍රේල් 29 වන දින ප්‍රකාශයට පත් කොට ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya