ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රීපාද වන්දනා සමය මැයි 5 දා අවසන්

    අප්‍රේල් 28, 2015

    2014/2015 ශ්‍රීපාද වන්දනා සමය වෙසක් පුන්පොහෝ දිනට පසු මැයි 05වන අඟහරුවාදා දිනෙන් නිමාවට පත් වේ.

    2014 වසරේ දෙසැම්බර් මස පුන්පොහෝ දින සිට ආරම්භ වූ ශ්‍රීපාද වන්දනා සමය පුරා මාස 6 ක කාලයක්‌ පුරා පැවැත්විණි.

     

    සමන් දෙවියන්ගේ ඓතිහාසික පිළිම, සදාතුක කරඬුව හා දේවාභරණ ශ්‍රීපාද වන්දනා සමයේදී තැන්පත් කර තිබූ ශ්‍රීපාද මළුවේ සිට ලබන මස 5 වැනි දින දහවල් සුබ නැකත් අනුව නල්ලතන්නිය ශ්‍රීපාද මළු මධ්‍යස්‌ථානය වෙත විශේෂ පෙරහැරකින් පා ගමනින් වැඩම කරනු ලබන්නේ ලක්‌ෂපාන යුද හමුදා කඳවුරේ නිලධාරීන් විසිනි.

     

    ශ්‍රීපාදස්‌ථානාධිපති, ඌව වෙල්ලස්‌ස විශ්වවිද්‍යාලයේ කුලපති හා සබරගමුව පළාතේ ප්‍රධාන සංඝ නායක බෙංගමුවේ ශ්‍රී ධම්මදින්න නායක හිමියන්ගේ උපදෙස්‌ හා අනුශාසනා මැද 5 දින රාත්‍රී සිට අලුයම 6.00 දක්‌වා ශ්‍රීපාද ධර්ම මධ්‍යස්‌ථානයේදී සර්වරාත්‍රික ධර්ම දේශනයක්‌ පැවැත්වේ.

     

    මැයි 6වෙනි දින උදෑසන යෙදෙන සුබ නැකත් අනුව සමන් දේව රුව, සදාතුක කරඬුව රැගත් විශේෂ රිය පෙරහැර පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව නල්ලතන්නිය ශ්‍රීපාද ධර්ම මධ්‍යස්‌ථානය අසලින් ගමන් අරඹා මාවුස්‌සාකැලේ, කිරිවන්එළිය, ලක්‍ෂපාන, කළුගල, අවිස්‌සාවේල්ල, රත්නපුර හරහා පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රීපාද රජමහා විහාරය වෙත වැඩම කිරීමට නියමිතය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya