ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    බුද්ධ රශ්මි වෙසක් කලාප මෙවරත් අති උත්කර්ෂවත් අන්දමින්

    අප්‍රේල් 29, 2015
    9 වැනි වරටත් සංවිධාන කරන ගංගාරාම බුද්ධ රශ්මි වෙසක් කලාපය මෙවර 3,4,5 සහ 6 දිනයන්හි ගංගාරාමය, සීමා මාලකය, අරලිය ගහ මන්දිරය යන කලාපවලදී පැවැත්වීමට නියමිත බව ගංගාරාම විහාරාධිපති කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක ගලබොඩ ඥානිස්සර නාහිමියන් පැවසූහ.
     
    ඒ අනුව මෙම වෙසක් කලාපය මැයි 3වෙසක් පුන් පෝ දින ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහත්වරු අතින් විවෘත කිරීමට නියමිතය.
     
    මෙම කාලය තුළ අරලියගහ මන්දිරයේ ධාතු ප්‍රදර්ශනයක් ද පැවැත්වේ.
     
    සිංග්‍ප්පුරුව වැනි රටවල දෙසැම්බර් මාසයේ දී පැවැත්වෙන දීපවාලි උත්සවය සඳහා ඉතා හොඳ සහයෝගයක් ලබා දෙන බවත් ඒ එම උත්සවය සංචාරක කර්මාන්තයට රුකුලක් නිසා බවත් පෙන්වා දුන් විහාරාධිපතිහිමි වෙසක් උත්සවය හරහා ශ්‍රී ලංකාවේ ද සංචාරක කර්මාන්තය නගාසිටුවිය හැකි බවත් පෙන්වා දුන්හ.
     
    සංචාරක කර්මාන්ත සිදු කරන පුද්ගලයන් විසින් එම කටයුත්ත සංවර්ධනය කළ යුතු ආකාරය නොසිතීම අවාසනාවට කරුණක් බවත් පෙන්වාදුන් උන්වහන්සේ එම අඩුව පිරවීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මූලිකත්වයෙන් නවම් පෙරහර හා බුද්ධ රශ්මි වෙසක් කලාපය ආරම්භ කිරීමට කටයුතු කළ බවත් පෙන්වා දුන්හ.
     
    බුද්ධ රශ්මි වෙසක් කලාපයෙන් ලැබෙන ආධාර මුදල් හරහා වසරකට දුෂ්කර ප්‍රදේශවල වැඩවසන ස්වාමීන් වහන්සේලා 3000කට 4000කට ආසන්න පිරිසක් මාසික නඩත්තු වියදම් ලබාදීමට කටයුතු කරන බවද මෙහිදී අනාවරණය විය. 
     
    එහිදී ගංගාරාම විහාරාධිපති කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක ගලබොඩ ඥානිස්සර නාහිමියන් පැවසූයේ මෙම වෙසක් කලාපය තරගයක් නොව කරුණා, මෛත්‍රිය පෙරදැරිව සිදුකරන්නක් බවයි.
     
    ශිල්පීන්ට අවස්ථාවක් ලබාදීමට මෙන් ම සංචාරකයන්ට මේ පිළිබඳ දැනුමක් ලබාදීමට මෙය හොඳ අවස්ථාවක් බවත් මෙම කලාපය නැරඹීමට පැමිණෙන්නැයි සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බවත් මෙම දින කිහිපය පුරා අරලියගහ මන්දිරය මහජනතාවට නැරඹීම සඳහා විවෘත ව පවතින බවත් අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පැවසීය.
     
    පසුගිය වර ලක්ෂ 18කට ආසන්න පිරිසක් වෙසක් කලාපය නැරඹීම සඳහා පැමිණ ඇති අතර මෙවර ඊට වැඩි ප්‍රමාණයක් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
     
    DB
     
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya