ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    ජගත් බොදු සමුළුව අද යාපනයේ දී

    මැයි 20, 2015
    බෞද්ධ සංවිධාන රැසකගේ එකමුතුවෙන් අද (20) ජාත්‍යන්තර තලයේ බොදු සමුළුවක් යාපනය වීරසිංහම් ශාලාව කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතය. 
     
    ආරම්භක සම්මන්ත්‍රණය පූජ්‍ය භානගල උපතිස්ස මහනායක හිමියන්ගේ හා මහා සංඝරත්නයේ සහභාගිත්වයෙන් මෙන් ම බුද්ධ ශාසන රාජ්‍ය පරිපාලන හා බුද්ධ ශාසන අමාත්‍ය කරු ජයසූරිය, උතුරු පළාත් ආණ්ඩුකාර එච්.එම්.ජී.එස්. පලිහක්කාර මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් ආරම්භ වේ.
     
    මෙම සමුළුව සඳහා දකුණු ඉන්දියානු දෙමළ බෞද්ධයන් 65දෙනෙකු සහභාගිවන අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දෙමළ බෞද්ධයන් 200දෙනෙකු පමණ සහභාගිවීමට නියමිතය.
     
    ආරම්භක සැසියෙන් අනතුරුව පැවැත්වෙන කුඩා සැසි දෙකක දී බුදුන් වහන්සේගේ "මහා කරුණාව" සම්බන්ධයෙන් පත්‍රිකා 08ක් සාකච්ඡාවට භාජනය වනු ඇත. 
     
    ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදේශකත්වයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේ අනුග්‍රහයෙන් පැවැත්වෙන මෙම සමුළුව සඳහා ඉන්දියානු සංවිධාන කිහිපයක් ද අනුග්‍රහය දක්වා ඇත. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya