ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    2015 රාජ්‍ය සාහිත්‍ය සම්මාන සඳහා වන ග්‍රන්ථ නාම ලේඛනය ප්‍රකාශයට පත් කෙරේ

    මැයි 19, 2015
    සංස්කෘතික කටයුතු රාජ්‍ය අමාත්‍යංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා රාජ්‍ය සාහිත්‍ය අනුමණ්ඩලය එක් ව සංවිධානය කරන 2015 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානය සඳහා සලකා බැලෙන සිංහල, දෙමළ, ඉංග්‍රීසි ග්‍රන්ථ නාමාවලිය මේ දිනවලදී පරීක්ෂාකර බැලිය හැකි බව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සඳඑන් කරයි.
     
    2014 වර්ෂය අදාළ ව රාජ්‍ය ලේඛනාගාරයේ ලියාපදිංචි කරන ලද ග්‍රන්ථ හා ලේඛක භවතුන්, ප්‍රකාශන භවතුන් විසින් රාජ්‍ය සාහිත්‍ය අනුමණ්ඩලය වෙත ලබාදෙන ලද ග්‍රන්ථ මෙම ලේඛනයට ඇතුළත් ව තිබේ.
     
    ඒ අනුව මෙම ග්‍රන්ථ නාමලේඛනය ජුනි 15 දින දක්වා  දිවයිනේ සියලු ම දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී , බොරැල්ල, ගෝතමි පාරේ ශ්‍රී ලංකා කලා මණ්ඩලය, ජාතික කලාභවන හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේදී පරීක්ෂා කළ හැකිය.
     
    එමෙන්ම www.culturaldept.gov.lk  යන වෙබ් අඩවියට පිවිසීමෙන් ද පරීක්ෂා කළ හැකිය.
     
    මෙම ලේඛනයේ සඳහන් නොවන එහෙත් 2014 වර්ෂයට අදාළ ව ප්‍රථම මුද්‍රණය ලෙස ප්‍රකාශිත ග්‍රන්ථ වෙතොත් එම ග්‍රන්ථ රචනා කළ ලේඛකයාගේ කරුණු දැක්වීම් ඇතුළත් ලිපියක් සමඟ ජුනි 20ට පෙර සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවට ගෙනවිත් භාරදීමට හෝ ලේකම් රාජ්‍ය සාහිත්‍ය අනුමණ්ඩලය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, 8 වන මහල, සෙත්සිරිපාය, බත්තරමුල්ල යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය හැකිය.
     
    මේ පිළිබඳ ව වැඩි විස්තර 0112 872 030 හෝ 0112 872 031 දුරකතන අංක ඔස්සේ ලබාගත හැකිය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya