ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථාන සෙබළුන් පොසොන් පොහොය සමරති

    ජූනි 04, 2015
    පොසොන් පොහොය නිමිත්තෙන් කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථාන සෙබළුන් කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ ‘පොසොන් කලාපයක්’ සංවිධානය කර තිබුණි. මෙම වර්ණවත් පොසොන් කලාපය නැරඹිම සඳහා බොහෝ පිරිසක් පැමිණ සිටි අතර එහිදි බත් දන්සලක් ද පවැත්විණි.
     
    එදිනම, සදහම් ආර්ය පදනම විසින් පූජ්‍ය මනදරම් නුවර සුමන විශුද්ධි ස්වාමීන් වහන්සේ, පුජ්‍ය මහානගරපුර අමිත ස්වාමීන් වහන්සේ, පුජ්‍ය අකුරැස්සේ සෝභිත ස්වාමීන් වහන්සේ සහ පුජ්‍ය හිනිමුන්නේ සුනන්ද ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් නෙළුම් පියස ශ්‍රවණාගාරයේ දී ‘විරු හදට බුදු සිසිල’ නමින් සීල ව්‍යාපාරයක් ද පවත්වනු ලැබීය. 
     
    කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේ දී ලේ දන්දිමේ වැඩසටහනක් පැවැත් වූ අතර, ඒ සඳහා යුද හමුදා සාමාජිකයන් විශාල පිරිසක් සහභාගී වූහ. 
     
    මෙම වැඩසටහන් හි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා සහභාගි වූ අතර, සේනාංකාධිපතිවරු, බලසේනාධිපතිවරු, යුද හමුදා නිලධාරීහු, රාජ්‍ය නිලධාරීහු මෙන්ම සිවිල් වැසියන් බොහෝ පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya