පසුගිය මැයි මස 30 වනදා ආරම්භ කළ පිරිත, විචිත්‍රභානී ධර්ම කථික යතිවරයාණන් වහන්සේලා පිරිසක් විසින් සතියක් පුරා අඛණ්ඩව සජ්ඣායනය කරන ලදි. මහ මෙව්නා උයනේ දී මෙම පිරිත් පිංකම මෙවර පැවැතියේ 36 වන වරටයි.
සති පිරිත් පිංකම ආරම්භ කළේ, කුල දරුවන් පිරිසක්, දේව දුතයකු හා පරිවාර දේව දුතයන් ලෙස යොදාගනිමිනි. පිරිත අවසන් කළේ ද විචිත්‍රවත් ලෙස සරසන ලද දේව දුතයා විසින් කියවන ලද දේව දුත වාක්‍ය සහිත අලංකාර දොරකඩ අස්න මංගල්‍යයකිනි.
මෙම අවස්ථාවට එක්ව පිං රැස්කර ගැනිමට දිවයිනේ නන් දෙසින් පැමිණි බැතිමත්හු විශාල පිරිසක් සහභාගී වූහ. අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී.කුමරසිරි මහතා, පොසොන් උත්සව කමිටුවේ සභාපති වශයෙන් විශේෂ ආරාධිතයකු ලෙස මෙම අවස්ථාවට එක්විය.
DMU/Anuradhapura

ශ්‍යමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශවයේ උතුරු මධ්‍යම පළාතේ ප්‍රධාන සංඝනායක, අටමස්ථානාධිපති ආචාර්ය අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන්ගේ අනුශාසනා පරිදි 2322 වන පොසොන් උත්සවයට සමගාමීව පවත්වන ලද සති පිරිත් පිංකම පසුගිය ( 06)දින රාත්‍රියෙන් අවසන් විය.

















