ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    කෘෂිකාර්මික ප්‍ර‍දර්ශනය හා සැණ‍කෙළිය - 2015

    ජූනි 21, 2015
    කෘෂිකර්ම අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන කෘෂිකාර්මික ප්‍ර‍දර්ශනය හා සැණ‍කෙළියට සමගාමීව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය මඟින් සංවිධානය කරන රජරට රචනා තරගයට සහභාගි වී ත්‍යාග සහ සහතිකපත් දිනාගැනීමේ අවස්ථාව රජරට ප්‍රදේශයේ අ.පො.ස උසස් පෙළ හදාරන සිසු සිසුවියන්ට දැන් උදාවී ඇත. 
     
    ජයග්‍රාහකයා නියෝජනය කරනු ලබන පාසලට ද ත්‍යාගයක් ප්‍ර‍දානය කරන අතර මේ සඳහා උනන්දුවක් දක්වන සිසුන්ට වැඩි විස්තර හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ සංඛ්‍යාන  හා දත්ත සැකසුම්, ප්‍ර‍කාශන හා පුස්තකාල අංශයෙන් ලබා ගත හැකිය. යෝජිත කෘෂිකාර්මික ප්‍ර‍දර්ශනය හා සැණකෙළිය අනුරාධපුර නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. 
     
    රචනා මාතෘකා වන්නේ,
    • වැව අපේ ජීවිත වගෙයි
    • මඩසෝදා ගත් ගොවියා රජකමට සුදුසුය
    • දාගැබ් මහ වැව් බැඳි රාජ්‍ය
    • ජාතියට බත සපයන ගොවියා 
    • පැරණි කෙම් පහන් හා පුද සිරිත්
     
    මෙහි තරග කොන්දේසි වන්නේ,
    උතුරු මැද පළාත් පාසල්වල අ.පො.ස (උ.පෙ) හදාරන සිසු සිසුවියන්ට පමණක් මෙම තරගයට සහභාගි විය හැකිය.
    මේ සඳහා රචනා සිංහල හෝ දෙමළ භාෂා මාධ්‍යයෙන් පමණක් ඉදිරිපත් කළ යුතුය.
    රචනාව තමාගේ බවට සහතික කොට ඉගෙනුම ලබන පාසලේ විදුහල්පතිගේ නිර්දේශය සමඟ අධ්‍යක්ෂ, රජරට පාසල් රචනා තරගය, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය, අංක 114 විජේරාම මාවත, කොළඹ 07 යන ලිපිනයට එවිය යුතුය. ලියුම් කවරයේ වම්පස ඉහළ කෙළවරේ 'රජරට පාසල් රචනා තරගය' යනුවෙන් සටහන් කළ යුතුය.
    එක් ශිෂ්‍යයෙකු/ශිෂ්‍යාවක සඳහා ඉදිරිපත් කළ හැකිවන්නේ එක් රචනාවක් පමණි.
    මෙම රචනා තරගය සඳහා ඉදිරිපත් කරන සියලු රචනාවන්ගේ අයිතිය හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය සතු වේ.
    තරග විනිශ්චයේ අවසන් තීරණය හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ අධ්‍යක්ෂ සතු වේ.
    ඉදිරිපත් කරන රචනාව වචන 1000කට සීමා විය යුතුය.
    A4  ප්‍ර‍මාණයේ කඩදාසියක තනිපැත්තේ පැහැදිලි අකුරෙන් / පරිගණකගත කොට/ යතුරු ලියනය කොට ඉදිරිපත් කළ යුතුය. 
    මෙම තරග සඳහා හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ කාර්ය මණ්ඩලයට, ඔවුන්ගේ නෑදෑ හිතවතුන්ට හෝ කෘෂිකර්ම අමාත්‍යාංශයේ රාජකාරියේ නියුතු පවුල්වල සාමාජික සාමාජිකාවන්ට මෙම තරගය සඳහා සහභාගිය විය නොහැකිය. 
    මෙම රචනා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ඒ පිළිබඳව කිසිදු දැනුම් දීමක් නොකරන අතර අනවශ්‍ය ආකාරයේ විමසීම් නොකරන ලෙස වැඩිදුරටත් ඉල්ලා සිටිනු ලැබේ.
    රචනාව පිළිබඳ බලපෑම් සිදු කිරීම අදාළ රචනාව, තරගයෙන් ඉවත් කිරීමට හේතුවක් වේ.
    ඉතාමත් හොඳ තත්ත්වයේ රචනා ආයතනයේ වාර ප්‍ර‍කාශනයක් වන ' ගොවි ජනතා ' සඟරාවේ ඉදිරි කාලාපයන් හි පළ කිරීමට කටයුතු යොදා ඇත.
    රචනා යොමුකළ හැකි අවසානය දිනය වන්නේ 2015.06.30 දින වේ.
    මෙම රචනා තරගයේ ජයග්‍රාහකයන්ට ත්‍යාග සහ සහතිකපත් යෝජිත 'කෘෂිකාර්මික ප්‍ර‍දර්ශනය හා සැණ‍කෙළිය '   භූමියේදී කෘෂිකර්ම අමාත්‍යතුමාගේ ප්‍ර‍ධානත්වයෙන් ත්‍යාග ප්‍ර‍දානය කිරීමට කටයුතු සලසා ඇත.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya