ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    Future Minds - 2015 ප්‍රදර්ශනය විවෘත කෙරේ

    ජූනි 19, 2015
    Future Minds - 2015 ජාතික අධ්‍යාපනික හා වෘත්තීය මාර්ගෝපදේශන ප්‍රදර්ශනය උසස් අධ්‍යාපන හා පර්යේෂණ අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී විවෘත කෙරිණි.
     
    මෙම ප්‍රදර්ශනය අද සිට හෙට (20) සහ අනිද්දා (21) තෙදින පෙරවරු 9.00 සිට පස්වරු 6.00 දක්වා සියලු දෙනාට නොමිලේ ප්‍රදර්ශනය නැරඹීම සඳහා අවස්ථාව සලස්වා ඇත.
     
    "No One Left Behind (කිසිවෙකුත් අත් නොහරිමු)" යන්න මෙවර මෙහි තේමාවයි. 
     
    මෙම ප්‍රදර්ශනය ශිෂ්‍යයන්ට කාර්යක්ෂම වෘත්තීය සැලසුම්කරණයක් සඳහා විවිධ මාවත් හා අවස්ථා සපයා දෙන අනඟි අවස්ථාවකි. මේ මඟින් උසස් අධ්‍යාපන සුදුසුකම් සොයා යන ශිෂ්‍යයන් හා අපේක්ෂාවන් සහිත තරුණ තරුණියන්ට උසස් අධ්‍යාපන ආයතන, රාජ්‍යයන් හා පෞද්ගලික අධ්‍යාපනික සේවා අතර සන්නිවේදනය සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමට අවස්ථාව සලසා දෙයි. දිවයිනේ ප්‍රමුඛතම අධ්‍යාපනික ප්‍රදර්ශනයක් ලෙස ෆියුචර් මයින්ඩ්ස් අධ්‍යාපනික සේවා අංශයේ ඉහළ ප්‍රමිතියක් නිර්මාණය කර ඇත.
     
    මේ සඳහා දේශීය හා ජාත්‍යන්තර උසස් අධ්‍යාපන ආයතන රැසක් දායකත්වය සපයයි. ජාතික හා ජාත්‍යන්තර පාසල් සිසුන් විශාල පිරිසක් "Talant Tank" තරගාවලිය සඳහා සහභාගී වූ පාසල්වලට ලැප්ටොප් පරිගණක, කැමරා උපකරණ, ප්‍රින්ටර් ආදී වටිනා ත්‍යාග ප්‍රදානය කිරීම අමාත්‍යවරයා අතින් සිදු කෙරිණි.
     
    10 වෙනි වරටත් පවත්වන මෙම ප්‍රදර්ශනය සංවිධානය කරන ලද්දේ නාලන්දා විද්‍යාලයීය කණිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමය (NJOBA) මඟිනි.
     
    මීට සමගාමීව මහනුවර පවත්වන ප්‍රදර්ශනය ජූනි 27 හා 28 දෙදින කැන්ඩි සිටි සෙන්ටර්හිත් ගාල්ලේ පවත්වන ප්‍රදර්ශනය සැප්තැම්බර් 19 හා 20 දෙදින ගාල්ල නගර ශාලාවේත් පැවැත්වීමට නියමිතය.
     
    ජාතික හා ජාත්‍යන්තර පාසල්වල ගුරුභවතුන් හා සිසුන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
    kpm
     
    unnamed 17
     
    unnamed 16

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya