ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    පුරාවිද්‍යා දෙපාර්තමේන්තු 125වන සංවත්සරය අද

    ජූලි 07, 2015
    පුරාවිද්‍යා දෙපාර්තමේන්තු 125වන සංවත්සරය අද (07)ට යෙදී ඇති අතර ඒ නිමිත්තෙන් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සැලසුම් කොට ඇත.
     
    ඒ අනුව ඊයේ (06) පුරාවිද්‍යා දෙපාර්තමේන්තු පරිශ්‍රයේ පැවැත්වෙන සර්ව රාත්‍රික පරිත්‍රාන ධර්ම දේශනයෙන් මෙම වැඩසටහන ආරම්භ වූ අතර  අද  භික්ෂූන් වහන්සේලා 125නමක් විෂයෙහි සංඝගත දක්ෂිණාවක් පැවැත්වේ.
     
    හෙට (08) නීලගිරි සෑයෙන් අනාවරණය කරගත් සර්වඥ ධාතූන් හා දෙපාර්තමේන්තු කැණීම්වලදී අනාවරණය කරගත් අනෙකුත් පුරාවස්තු ප්‍රදර්ශනය කිරීම මෙන් ම අභිනව ධාතු මන්දිරිය විවෘත කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ. සර්වඥ ධාතු ප්‍රදර්ශනය 12දා දක්වා මහජනයා සඳහා විවෘත ව පවතී. මෙහිදි දුටුගැමුණු රජතුමාගේ භස්මාවශේෂ ප්‍රදර්ශනය කිරීමට ද කටයුතු යොදා ඇත.
     
    සංවත්සර දිනය නිමිත්තෙන් විශේෂ සමරු මුද්දරයක් සමගින් ලංකාවේ පුරාවිද්‍යා ස්ථාන පිළිඹිඹු කෙරෙන මුද්දර 04ක් ද නිකුත් කිරීමට නියමිතව ඇති අතරම 125වන සංවත්සර සමරු කලාපය සමගින් ග්‍රන්ථ එළිදැක්වීම ද සිදු කෙරේ. 
     
    ජුලි 13දා මෙරට ජ්‍යේෂ්ඨ හා ප්‍රවීණ පුරාවිද්‍යාඥයන්ගේ දේශන ඉදිරිපත් කෙරෙන ජාතික පුරාවිද්‍යා සමුළුව පැවැත්වීමෙන් මෙම සංවත්සර වැඩසටහන අවසන් වේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya